රජයේ බංගලා හා නිල නිවාස ගිය වසරේ දී රජයට කෝටි 7ක් ණයයි…..

එයින් මැති ඇමැතිවරු 74 දෙනෙක්  හතලිස්පන් ලක්ෂයක් ණයයි

ලලිත් චාමින්ද

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් පාලනය වන  රජයේ බංගලා හා නිල නිවාස  110කින්  හිඟ නිවාස කුලි වශයෙන් රුපියල් හත්කෝටි,විසිඑක්ලක්ෂ,අටදහස්තුන්සිය තිස්නමයක (72,108,339)  මුදලක්  ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දින වන විට  අය වීමට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකි හිඟ නිවාස කුලී  මුදලින්  මැති ඇමතිවරු 74 දෙනෙකුගෙන්  රුපියල් හතලිස්පන්ලක්ෂ, අනුදහස්,හත්සියඅනුඑකක (4,590,791) මුදලක්  අය වීමට තිබූ බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඉන් රුපියල් දාහතරලක්ෂ,හයදහස්,පන්සියඅසුහයක (1,406,586) මුදලක් 2015 වර්ෂයේ සිට අය වීමට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම සමුළු නිවාස ලබාදුන් 77 දෙනෙකුගෙන්  සමුළු නිවාස 48කින්  ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනවනවිට  රුපියල් හතලිස්එක් ලක්ෂ,තිස්එක්දහස්, දෙසියපනස්නමයක (4,131,259) හිග කුලි මුදලක් අයවීමට තිබුණි.   එමෙන්ම  රජයේ ගොඩනැඟිලි හිඟ කුලි ආදායම වශයෙන් රුපියල් තිස්හතරකෝටි,දාහත්ලක්ෂ,හතලිස්අටදහස් හැත්තැහක (341,748,077) මුදලක්  අයවීමට තිබූ අතර අතර  හිඟ කුලි මුදලින් සියයට 22ක්  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වන  රජයේ බංගලා, සංචාරක බංගලා,හා නිල නිවාසවලින් අයවිමට තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 

Exit mobile version