රජයට අයත් ව්‍යාපාරවල ප්‍රචාරණ වියදම්වලට ජනපති සීමාවක් පනවයි  

රජයට අයත් සියලුම ව්‍යාපාර ආයතනවල සමස්ත ඇස්තමේන්තුගත කරන ලද මෙහෙයුම් වියදම්වලින්  සියයට 5කට වඩා වෙළෙඳ දැන්වීම් ඇතුළු ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිත නොකරන ලෙස ක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේක්ම් ආචාර්ය පී.බී ජයසුන්දර  විසින් විශේෂ චක්‍රෙල්ඛයක් නිකුත් කරනු ලැබ තිබේ.

මෙම නියෝගය රජයට අයත් සියලුම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද අදාළ වන අතර ජාතික ලොතරැයි මණ්ඩලයට  පමණක් ගෙවුණු වර්ෂයේ සමස්ත ආදායමින් සියයට 10ක් දක්වා මුදලක් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා වෙන් කළ හැකි බව ජනාධිපති ලේක්මවරයා විසින් නිකුත් කොට ඇති චක්‍රෙල්ඛයේ සඳහන් වේ.

 පසුගිය බ්‍රහස්පතින්දා මෙම චක්‍රලේඛය සියලුම රජ්‍ය ව්‍යවසාය ප්‍රධානීන් අතට පත් කිරීමට හේතු වී ඇත්තේ රාජ්‍ය බැංකු ඇතුළු ආයතන අලෙවිකරණය, වෙළෙඳ දැන්වීම් සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් විශාල වියදමක් දරන බවට රාජ්‍ය වියදම් කළමනනාකරණය පිළිබඳව පැවැති සාකච්ඡා කිහිපයකදීම ප්‍රකාශ වීම බව සඳහන් වේ. මෙම ආයතන විසින් සිදු කරනු ලබන ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා වැය වන වියදම්ද මෙම සියයට 5ක අයවැය සීමාවලට තුළට ඇතුළත් විය යුතු බවද මෙම චක්‍රෙල්ඛයේ තවදුරටත් සඳහන් වන බව රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඉහත අයවැය සීමා ඉක්මවන යම් සැලසුම් නොකළ වැයක් ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් දැරිමට සිදුවන්නේ නම් එය ට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බට ද උපදෙස් ලබා දී ඇති අතර යම් අනුග්‍රාහකත්වයක් සඳහා මුදල් ලබා දීමේ දී රුපියල් මිලියන 2 ඉක්මවයි නම් සහ යම් ප්‍රදානයක් ලබා දෙන්නේ නම් එය රුපියල් ලක්ෂයක් ඉක්මවයි නම් ඊට ද අනුමැතිය ලබා ගත යුතු වෙයි. කෙසේ වුවද රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා වන අනුග්‍රාහකත්ව සඳහා රාජ්‍ය ව්‍යවසාය සඳහා රුපියල් මිලියන 5ක් දක්වා වැය කළ හැකි බව ද සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවර්ධන අවශ්‍ය වන ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ලංකන් ගුවන් සේවය, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සඳහා ප්‍රවර්ධන දුව්‍යවලින් සියයට 35ක් දේශීය අන්තර්ගතයන් (Contents)  යොදා ගත යුතු වන අතර අනෙක් සෑම ආයතනයක්ම තම අලෙවිකරණ සහ ප්‍රවර්ධන කටයුතුවලදී දේශීය අන්තර්ගතයන් භාවිත කළ යුතු බවටද මෙම චක්‍රෙල්ඛය ඔස්සේ උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version