රංගජීවට වෙඩි තැබූ මධුෂ්ගේ ගෝලයා ඉන්දියාවේදී අතටම හසුවී මිදී ගිහින්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාට පසුගිය 2017 වසරේ මැයි මාසයේදී පිළියන්දළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ උත්සාහයට ආධාර අනුබල දුන් පුද්ගලයා පසුගියදා ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මොහොතේදී රංගජීව මහතාට වෙඩි කැබූ අපරාධකරුවා වන අසිත නැමත්තාද සිට ඇතත් ඔහු නිසි ලෙස හඳුනානොගැනීම සහ ඔහු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තුවක් නොමැතිවීම හේතුවෙන් එය වැලකී ඇත.

මීට මාස කිහිපයකට පෙර වෙඩි පහරකින් මරණයට පත් වූ මාකඳුරේ මධුෂ් ඩුබාහි සිටියදී ඔහුගේ උපදෙස් සහ අනුග්‍රහය මත මෙම පුද්ගලයන් පොලිස් පරීක්ෂක රංගජීව මහතා ඝාතනය කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසු මෙම සැකකරුවන් ඉන්දියාවට පළා ගොස් තිබුණි.

ඔවුන් අතරින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඇති බව පවසා තොරතුරු ලබා දෙන්කකු ලෙස පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීම් උගුලට හසු කර දීමේ කාර්යය සිදු කළේ නවාස් නැමැත්තා වන අතර ඔහු ඉන්දියාවේදී පසුගිය ජනවාරි 22 වැනිදා අත්ඩංගුවට ගැනිණි. දැනට මෙරට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයකු වන ඔහු එසේ ඉන්දීවය මත්ද්‍රව්‍ය නාහක අංශ මඟින් අත්අඩංගුවට ගන්නේ මත්දුව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින සිටියදීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2017 වසරේ මැයි මස 03 වැනිදා සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් රංගජීව මහතා බරපතල තුවාල ලබා ජීවිතය බේරා ගත්තද ඒ අසල පාරේ ගමන් කරමින් සිටි පාසල් දැරියක වෙඩ් ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වුවාය.
මෙම වෙඩි තැබීම කළ බවට සැක කෙරන අසිත නැමත්තාද නවාස් හසුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටියද ඔහු අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තුවක් නොතිබීම හේතුවෙන් ඔහු එම අත්අඩංගුවට ගැනීමෙන් වැලකී ඇති බව වාර්තා වෙයි.

Exit mobile version