යුද හමුදාපතිගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ එන්නත්කරණය විද්‍යානුකූල නෑ… GMOA

හම්බන්තොට ප්‍රමුඛතා දිස්ත්‍රික්කයක් වුනේ කොමෙද?... වෛද්‍ය නලින්ද හේරත් අසයි...

යුධ හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් එන්නත් ලබා ගනිමින් විද්‍යානූකූල පදනමකින් තොරව එන්නත්කරණයේ යෙදෙන බව   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින්තොරව වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියා කරන බව තම සංගමය මුල සිටම සදහන් කළ   බවද සංගමයේ  සිටි උපලේකම් වෛද්‍ය නලීන් ද හේරත්ස දහන් කරයි.

තාක්ෂණික කමිටුවලින් බැහැරව ප්‍රමුඛතා දිස්ත්‍රික්කයන් තෝරා ගැනීම  සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද යන්න පිලිබදවද ගැටලුවක් මතුව ඇතැයි තම සංගමය දන්නා පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කය ප්‍රමුඛතා දිස්ත්‍රික්කයක් නොවන බවද  සංගමයේ හිටපු උප ලේකම් වෛද්‍ය නලීන් ද හේරත්  සදහන් කරයි.


වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කර අවසන් කරන මෙන් තාක්ෂණික කමිටුව දැනුම් දී තිබියදී එම තීරණයන් ක්‍රියාත්මක නොකර වයස අවුරුදු 20 – 30 පිරිසට එන්නත් දීම ආරම්භ කළේ කුමන තාක්ෂණික කමිටුවේ නිර්දේශයන්ට අනුකූලවද යන්න ගැටලුවක් බවද හෙතෙම පෙන්වාදේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් ළමුන්ට එන්නත් ලබා දීම ආරම්භ කරන ලෙස දැනුම්දී තිබියදීත් එම තීරණයන් ක්‍රියාත්මක නොකිරීම තුළ සෞඛ්‍ය සේවකයින්ගේ දරුවන්ද මේ වන විට කොවිඩ් අවදානමකට සෘජු ලෙසම මැදිහත්ව ඇතැයිද වෛද්‍ය හේරත් පෙන්වාදේ.

 

Exit mobile version