යුද්ධය නිම වී අවරුදු 8කට පසු වළ දැමූ කොටි සන්නිවේදන උපකරණ හමුවේ…

වළ දමා ඇත්තේ 2017 දි... පේසාලේ පොලිසියය කියයි...

දිනසේන රතුගමගේ –

යුද්ධය නිම වී වසර අටක් ගතවූ පසු වළ දමන ලද  යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින්  පණිවුඩ හුවමාරු කිරීම සදහා යොදා ගන්නා ලද උපකරණ තොගයක් අද (12) මන්නාරම පේසාලේ පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

පොලිසිය කියන්නේ මේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර 2017 වසරේ දී මේ ස්ථානයේ වළලන ලද බවට  තොරතුරු ලැබී ඇති බවයි.

මන්නාරම නඩුගුඩා සවුත් බාර් වෙරළ තීරයේ එක් ස්ථානයක පොලව යට ඉතා සූක්ෂම ලෙස මෙම උපකරණ වළදා තිබිණි.   පේසාලේ පොලීසිය මේ උපකරණ තොගය ගොඩ ගත්තේ මන්නාරම අධිකරණයෙන් ලද අධිකරණ නියෝගයකට යටත්වය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේසාලේ පොලීසිය මේ පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version