යුගදනවි ගන්න යන ඇමරිකානු ලොක්කා පුද්ගලික ජෙට් එකකින් ලංකාවට ඇවිත්…

සිද්ධවුන දේ රටට තවම රහසක්.. වෙන්නෙ මොනවද කියලා බලන් ඉන්නවා... විදුලිබල වෘත්තීය සමිති කියයි!

පසුගිය 12 දා රාත්‍රියේ 11.35ට පුද්ගලික ගුවන් යානයකින්  ඇමරිකානු නිව්ෆෝටෙ‍්‍රස් සමාගමේ විධායක අධ්‍යක්ෂ Wes Edens  ලංකාවට පැමිණි බවට තොරතුරු ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් ලංකාසරට පැවසීය.

එමෙන්ම  නිව්ෆෝටෙ‍්‍රස් සමාගමේ පිරිසක් 12 දා ට කලින් ලංකාවට පැමිණ ශ්‍රැංග්‍රිලා හෝටලයේ ලැගුම් ගෙන සිටි බව ද ඔහු කීවේය.

“ සිද්ධ වෙන්නෙ මොනවද කියලා රටේ කිසිම කෙනෙක් දන්නෙ නෑ. අපි දන්නෙත් නෑ. කැබින්ට් ඇමතිවරු දන්නෙත් නෑ. ඔවුන් කියනවා යමක් සිද්ධ වුනා. ඒ මොනවද කියලා දන්නෙ නෑ කියලා. එහෙම කියලා අපට කියනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න කියලා. කවුරුත් දන්නෙ නැති දැකලා නැති ගිවිසුමක් ගැන කතාවකට අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බෑ. “


“ අපි ඒ කැබිනට් ඇමතිවරුන්ට කිව්වා ඔය අය දෙන්නෙක් එළියට බහින්න.  එතකොට අපි වෘත්තීය සමිති විදිහට අපේ  විරෝධය දක්වන්නම්. විදුලිබල වෘත්තීය සමිති වර්ජනයක් කරනවා කියන්නෙ සරල දෙයක් නොවෙයි. රටේ ජාතික ජාත්‍යාන්තර සම්බන්ධතා නවත්වන සිදුවීමක් කියලා. ඒත් ඒ අය එහෙම කැප කිරීමක් කරන්න සූදානම් නෑ.“

“ මේ වනවිට අපි සිදුවෙමින් ඇති දේ සොයමින් යනවා. රටට අගතියක් වෙන මොනම හෝ ගිවිසුමක් රහසේ අත්සන් කරලා තියන බව හෙළි වුනොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඒ සඳහා විදුලි ක්ෂේත්‍රයේ සෑම වෘත්තීය සමිතියක්ම එකඟ වී ඉන්නවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් කීවේය.

Exit mobile version