හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදුකරනු ලබන යුක්රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝණය වී ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්රචාරක ලේකම් රසික ජයකොඩි පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
නීති විරෝධී ලෙස සීගිරි චිත්‍ර අසළ ඔවුන් ලබා ගත් චායාරූප මේ පැමිණිල්ලත් සමග පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කර ඇත.
මේ හරහා පුරාවිද්‍යා පනත උල්ලංඝණය වී ඇතිදැයි පරීක්ෂණයක් සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි.