යුක්රේන හෙලිකොප්ටරයක් බිම වැටේ !

අභ්‍යන්තර කටයුතු ඇමති සහ නියෝජ්‍ය ඇමති දෙදෙනාම මරුට

යුක්රේනයේ කියූව් (Kyiv) හිදී හෙලිකොප්ටර් යානාවක් කඩා වැටීමෙන් යුක්රේනයේ අභ්‍යන්තර අමාත්‍යවරයා හා දරුවන් තිදෙනෙකු ඇතුලු පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇතැයි ඒපී පුවත් සේවය වාර්තා කරයි.

මෙම අනතුරෙන්, අභ්‍යන්තර අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ඔහුගේ නියෝජ්‍ය යෙව්හෙන් යෙනින් හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් යූරි ලුබ්කොවිච් මිය ගොස් තිබේ.

යානාව කියූව් හි පෙරපාසලක් අසළට කඩා වැටුනු බවට වාර්තා වී තිබෙන අතර මිය ගිය අයට අමතරව දරුවන් දහදෙනෙකු ඇතුලු 29ක් තුවාල ලබා ඇතැයි යූක්රේන පොලිස් ප්‍රධානී ඉහෝර් ක්ලෙම්නොක් සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනතුර හදිසි අනතුරක් ද නැතහොත් රුසියාව සමඟ ඇති වූ යුද්ධයේ ප්‍රතිඵලයක් ද යන්න පිළිබඳව තවමත් වාර්තා වී නැත.

Exit mobile version