“යාල එන සංචාරකයන්ට විරෝධය පෑවොත් අත්අඩංගුවට ගන්නවා” – කිරින්ද පොලිසියෙන් යාල ජීප් රථ රියදුරන්ට රතු එළියක්!

yala

ප්‍රංශයේ සිට පැමිණෙන 750කගෙන් පමණ සමන්විත සංචාරකයන් හෙට සිට යාල ජාතික වනොද්‍යානය වෙත පැමිණීමට නියමිත අතර ඔවුන් පැමිණෙන මොහොතේ විරෝධයක් නොදක්වන ලෙසත් එසේ විරෝධයත් දැක්වුවහොත් නිරෝධායන නීති යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස තමන්ට නියෝගයක් ලැබී ඇතැයි කිරින්ද පොලිස් ස්ථානාධිපතිවරයා තමන් කැඳවා ප්‍රකාශ කළ බව යාල සෆාරී ජීප් රථ රියදුරන්ගේ සංගමයේ ලේකම් සම්පත් ගලප්පත්ති මහතා ලංකාසරට පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති තත්ත්වයක් තුළ මේ අයුරින් අවදානම් ලෙස සංචාරකයන් ගෙන්වීමට විරෝධය පළ කරමින් පළ කළ ෆේස්බුක් සටහනක් හේතුවෙන් තමන්ට ඊයේ (0)කිරින්ද පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව ඊයේ සවස පොලිසියට ගිය අවස්ථාවේදි පොලිස් ස්ථානාධිපතිවරයා මේ බව තමන්ට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.

ඒ පිළිබඳව තවදුරටත් අදහදස් දැක්වූ සම්පත් ගලප්පත්ති මහතා


“ මේ මොහොතේ රට පවතින්නේ දැඩි සංචරන නීති ක්‍රියාත්මක වන පසුබිමක. මෙවැනි තත්ත්වයක් තුළ කවර පසුබිමක් යටතේ වත් සංචාරකයන් නොගෙන්වන ලෙස වෛද්‍ය විද්‍යා මහාචාර්යවරුන් පවා වැඳ වැටී රජයෙන් ඉල්ලා සිටින තත්ත්වයක් අපි මාධ්‍යවලින් දුටුවා. එවැනි පසුබමක් තුළ රජය සංචාරකයන් පිරිසක් ගෙන්වන්න යනවා. මේ වනවිට වසා දමා ඇති යාල ජාතික වනෝද්‍යානය වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝගයක් මත හෙට සිට විවෘත කරවීමට නියමිතව තිබෙනවා. දවසකට90 දෙනා බැගින් කාණ්ඩ කිහිපයක් දින කිහිපයක් තිස්සේ යාල වගේම උඩඉවළව මින්නේරිය, කවුඩුල්ල වැනි වනෝද්‍යානවල සංචරකය කිරීමට නියමිත බව සඳහන්. ඔවුන්ගෙන් යාල පැමිණෙන අයට සංචාරකයන්ට වනොද්‍යානයේ ඇතුළත ගමන් කිරීමට ජීප් රථ 23ක් තෝරාගෙන තිබෙනවා. ඒ අය තෝරාගෙන තිනේනේ දේශපාලන හිතවත්කම් මතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපට ප්‍රශ්නය තිබෙන්නේ ඒක නෙවෙයි. රට මේ මොහොතේ අනවශ්‍ය අනතුරකට විවෘත කිරීම අපි මීට කලින් ගෙනා යුක්රේන සංචාරකයන් ගෙනුත් පාඩම් ඉගෙන ගත්තා ඒ නිසයි අපි විරුද්ධ වුනේ. නමුත් අපට දැන් විරෝධය පළ කරන්න යන්න බැහැ. එළියට බැස්සොත් අත්අඩංගුවට ගන්න කියල තියෙනවා. අපේ ජීප් රථ සංගමයේ රියදුරු සාමාජිකයන් සියල්ලටම දැනුම් දෙන්න කියා පොලිස් ස්ථානාධිපතිතුමා දැන්වුවා. “ යයිද සඳහන් කළේය.

Exit mobile version