යාපනේ මුහුද ගොඩ ගලයි…

දිනසේන රතුගමගේ –

මුහුදු ජලය ගොඩ ගැලීම නිසා යාපනයේ කොලුම්පුතුරෙයි නාගදීපය වේලනෙයි හා කුරීකඩ්ඩුවාන් යන ප්‍රදේශ වල වැසියෝ   10 දා සිට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

කොලුම්පුතුරෙයි ඇතුළු ගම්මාන කීපයක නිවාස මුහුදු  ජලයෙන් යට වී ඔවුන්ට නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති අතර  යාපනයේ පවුල් 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මේ වන විට එම තත්ත්වයට මුහුණ පා සිටිති.

යාපනයේ නාගදීපය ඇතුළු ප්‍රදේශ කීපයක මුහුදු ජල මට්ටම ඉහල ගොස් පිටාර ගලන ජලය මාර්ග වලට එක්වීම නිසා ගමනාගමන කටයුතු වලට බාධාවන් එල්ල වී තිබේ.


යාපනය කූරිකඩ්ඩුවාන් මාර්ගයේ ස්ථාන කීපයක්ද  මුහුදු ජලයෙන් යට වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින දෙකක් මේ ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව නිසා මේ තත්ත්වය උදා වී ඇති අතර මුහුදු ජලයෙන් නිවාස යට වූ පිරිස වෙනත් තාවකාලික ස්ථාන වලට පැමිණ තිබේ.

 

Exit mobile version