යාපනේ ධීවරයෝ මුහුදු නොයා පාරට බසිති

දිනසේන රතුගමගේ

යාපනයේ වඩමරච්චි උතුරු ප්‍රදේශයේ ධීවර සමීති වලට අයත් සාමාජිකයෝ 14 දා මුහුදු යාමෙන් වැලකී ඉන්දීය ධීවරයින් ඔවුන්ගේ මුහුදු සීමාවට පැමිණීමට එරෙහිව විරෝධතාවයක් දියත් කළහ.

වඩමරච්චි ධීවර සමීති නියෝජිතයෝ පවසන්නේ නාවික හමුදාව විසින් මන්නාරමේ මුහුදු කලාපයේ ආරක්ෂාව දැඩිකොට ඉන්දීය ධීවරයින් පැමිණීම සීමා කිරීමත් සමගම ඔවුන් යාපනයේ වඩමරච්චි මුහුදු කලාපයට පැමිණෙන බවයි.


දිනකට ඉන්දීය ටෝලර් යාත්‍රා 3000 කින් පමණ පැමිණෙන ඉන්දීය ධීවරයෝ විදාල ප්‍රමාණයෙ දැල් යොදා මසුන් මැරීම නිසා තමන්ට මත්ස්‍ය සම්පත අහෝසී වී යන බව යාපනයේ වඩමරච්චි ධීවරයෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින්ගේ මේ ගමන වහාම නවතාලන ලෙස ඉල්ලමින් වඩමරච්චි ධීවරයෝ ධීවර වාඩි වල සිට පෙලපාලියකින් යාපනය නගරයට පැමිණ යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
අනතුරුව නියෝජ්‍ය කොමසාරිස් එස්.බාලචන්ද්‍රන් මහතාට සන්දේශයක් බාර දෙමින් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු කොට දෙන ලෙස ඉල්ලා සිටියහ.

Exit mobile version