යාපනේ කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයකුට කඩු පහර

දිනසේන රතුගමගේ:

යාපනයේ කප්පම් නොගෙවූ තරුණ ව්‍යාපාරිකයෙකුව  23 ද රාත්‍රී යාපනයේ කොඩිගාමම් අල්ලාරියල් ප්‍රදේශයේදී කඩු කල්ලියේ සාමාජිකයින් විසින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

කඩු ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ හතළිස් හැවිරිදි ගුන්ජුරාසා අජන්තන් නැමති අයව මුලින්ම චාවාකච්චේරී රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බැවින් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.


තුවාල ලැබූ තරුණ ව්‍යාපාරිකයා ඔහුගේ මිතුරන්ට මීට පෙර පවසා ඇත්තේ ඔහුගෙන් පිරිසක් කප්පම් මුදලක් ඉල්ලා සිටින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබදව යාපනය පොලීසිය හා කොඩිගාමම් පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version