යාපනේට කොවිඩ් ගෙනා පාස්ටර් ස්විස්ටර්ලන්තයේ දී මිය යයි…

දිනසේන රතුගමගේ –

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී යාපනයට පැමිණීම නිසා පුද්ගලයින් 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට පත් කළ  ස්විස්ටර්ලන්තයේ සෙල්වරාජා පෝල් සත්කුණරාජා පාස්ටර්වරයා 17 දා ස්විස්ටර්ලන්ත රෝහලකදී මියගොස් තිබේ.

යාපනයේ පිහිටි ස්විස් දේවස්ථානයේ ආරංචි මාර්ගවලට අනුව ඔහුව හෘදයාබාධයක් වැළඳීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

1959 වසරේදී යාපනයේදී උපත ලද මොහු මුලින් ශිව ආගමිකයෙකු වූ අතර පසුව ජර්මනියට ගොස් කිතුණු දහම හදාරා 1988 වසරේදී පාස්ටර් වරයෙකු බවට පත්ව තිබේ.


ස්විස්ටර්ලන්තයේ මෙම ප්‍රධාන පල්ලියේ ශාඛාවක් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ ඇති අතර ඔහු පසුගිය අප්‍රේල් මාසයෙදී එම පල්ලියට පැමිණ කොවිඩ් රෝගය සදහා විශේෂ යාඥාවක් පැවැත්වූ අතර ඊට සහභාගී වූ යාපනයේ 16 කොරෝනා රෝගය වැළදුණු අතර වවුනියාව හා අනුරාධපුර ප්‍රදේශ වල 42 දෙදෙනෙකුට නිරෝධායනය වීමටද සිදු වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරාධපුරයේ ඔහු නවාතැන් ගත් සුපිරි හෝටලයක මේ පාස්ටර්වරයා නවාතැන් ගැනීම නිසා එම හෝටලය දින කීපයකට වසා දැමීමටද සිදු වුණි.

Exit mobile version