යාපනය සරසවිය වදකාගාරයක් වෙයි…. වදකයන් බොහෝ දෙනෙක් සිංහල සිසුන්…

දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ මේ දිනවල සිදුවන නවක වදයේ අමානුෂික පහර දීම් කීපයක් පිළිබදව ඊයේ ( 17) දා තොරතුරු වාර්තා වී තිබේ.

එක් අවස්ථාවක  ඉතා කෲර ලෙස නවක වදය දීමේදී  පලමු වසර ශිෂ්‍යාවක් තුවාල ලබා සිහිසුන්ව ඇදවැටී තිබේ.

සිහි සුන් වූ සිසුවිය අනෙක් සිසුවියන් සමග

ඇයව වත්තම් කරගෙන පලමු වසර ශිෂ්‍යාවන් පිරිසක් ඇයව ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ප්‍රථමාධාර ලබා දී ඇති අතර එසේ ප්‍රතිකාර ලබා දුන් ශිෂ්‍යාවන්ට ජ්‍යෙෂ්ඨ සිසුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.


යාපනය විශ්ව  විද්‍යාලය තුළ අමානුෂික  හා කෲර අන්දමටත් අසභ්‍ය ආකාරයටත් නවක වදය ලබා දීමේදී වැඩි වශයෙන්ම ඊට දායක වී සිටින්නේ සිංහල සිසුන් බවට තොරතුරු හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය විශ්ව  විද්‍යාලයේ  අමානුෂික අන්දමට නවක වදය දෙන අවස්ථා ඇතුළත් ඡායාරූප කීපයක්ද මේ වන විට  ජනමාධ්‍ය වෙත ලැබී තිබේ.

Exit mobile version