සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය විශ්වවිද්‍යාලයෙන් ටී 56 ගිනි අවියක්, අලුත්ම උණ්ඩ තොගයක් ඇතුළු යුද උපකරණ  හමුවෙයි… යුද උපකරණ මෑතකදී සඟවා ඇති බවට සැකයක්…

by editor
නොවැම්බර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලක වහලයේ සහවා තිබූ ටී – 56 වර්ගයේ ගිනි අවි කොටස් හා පතරොම් තොගයක් ඇතුලු තවත් යුද උපකරණ රැසක් ආරක්ෂක අංශ විසින් ඊයේ ( 31 )  සොයා ගෙන තිබේ.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනය විශ්ව විද්‍යාලයේ එම ගොඩනගිල්ල පරීක්ෂා කිරීමේදී මුලින්ම බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා සේවා නූලක කොටසක් හමු වී තිබේ.

පසුව ඒ ඔස්සේ තවදුරටත් කළ පරීක්ෂා කිරීම්වලදී පතරොම් හ සෙසු යුද උපකරණ හමු වී ඇත.

සොයා ගත් ද්‍රව්‍ය අතර ටී-56 රයිෆලයක්, තවත් මැගසින් දෙකක්, කුඩා ෂෙල් වෙඩි තුනක්, ක්ලේමෝ පුපුරුවා හැරීමට භාවිතා කරන පුනර්ජනනීය යන්ත්‍රයක්, වයර් සහ තුවාල සඳහා යොදා ගන්නා සැරහුම් පටි තොගයක් සේලයින්, පුලුන් , තුවාල සඳහා වෙළුම් පටිකීපයක්ද වෙයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සොයා ගත් සියලුම පුපුරණ ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය කෝපායි පොලිස් ස්ථානයේ තැන්පත් කර ඇති අතර ඒවා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

එම පතරොම් පරණ පතරොම් නොව ඉතාම අලුත් තත්ත්වයේ ජීව පතරොම් වීම නිසා යාපනයේ ආරක්ෂක අංශ මේ සිද්ධිය පිළිබඳව දැඩි අවධානය යොමු කොට ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කොට ඇත්තේ එම පතරොම් හා යුද උපකරණ ඉතා පැරණි ඒවා බවත් යුද සමයේදී කීසියම් පිරිසක් විසින් ඒවා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවත්ය.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවතන ආරක්ෂක අංශවලට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙම පුස්තකාල ගොඩනැගිල්ල යුද්ධයෙන් පසුව අවස්ථා දෙකකදීම අලුත්වැඩියා කිරීම්වලට ලක් කොට ඇති අතර ඒ අවස්ථා වලදී මෙම යුද උපකරණ හමු නොවූයේ මන්දැයි යන්න ප්‍රශ්නයක් බවය.

මේ නිසා මෙම පතරොම් හා යුද උපකරණ මෑතකදී එම ස්ථානයේ සඟවා ඇති බවට යාපනයේ ආරක්ෂක අංශ සැක පහල කරණ අතර සිද්ධිය සම්බන්ධයෙන්   පුලුල් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

නොවැම්බර් මාසයේදී යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධානත්වයෙන් එල්.ටී.ටී..ඊ මහවිරු සතිය සැමරෙන නිසා මෙම පතරොම් හා යුද උපකරණ ඒ අවස්ථාවන් වලදී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා තැබුවේද යන්න පිළිබඳවද යාපනයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නලින්ද ඇමති සහෝදරයා… අවුල ඔයාගෙ ද… නිලධාරීන්ගේ ද?… විනය පරීක්ෂණත් ඉවර නැති දූෂිත නිලධාරිනියක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට උසස් කරලා…

Next Post

ෂොපින් බෑග් නීතිය අද සිට ක්‍රියාත්මකයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.