දිනසේන රතුගමගේ –
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල චෙල්වනායගම් ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස නම් කරණ මෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී ඊයේ ( 22 ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
දෙමළ ජනතාව වෙණුවෙන් හා ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සාමය වර්ධනය කරවීම සදහා චෙල්වනායගම් විශාල සේවයක් කළ බවත් 1947 දී මුල්ම වරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් පසුව ඔහු කටයුතු කළ ආකාරය අනුව චෙල්වනායගම් ජාත්‍යන්තර ප්රසිද්ධියකට පත් වූ බවත් ඔහු සදහන් කරයි.
චෙල්වනායගම් සහ එවකට රටේ සිටි බොහෝ පාලකයන් සමග අත්සන් තබන ලද ගිවිසුම් රාශියක් ඇති බවත් ඒ සෑම ගිවිසුමකින්ම උත්සාහ කළේ මේ රටේ දෙමළ ජනතාවට යම් සහනයක් සලසා දීම බවත් ආනන්ද සංගරී සදහන් කරයි.
ඔහුගෙන් රටට සිදු වූ සේවාව අගය කිරීමක් වශයෙන් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල චෙල්වනායගම් ජාත්‍යන්තර ගුවන් තොටුපල වශයෙන් නම් කිරීම ඉතා සාධාරණ බැවින් එය ඉටු කර දෙන ලෙස ආනන්ද සංගරී මහතා ජනාධිපතිවරයාගෙන් සිය ලිපිය මගින් ඉල්ලා තිබේ.