යාපනයේ වැලි ජාවාරම් කරුවන්ට එස්.ටී.එෆ් වෙඩි ප්‍රහාරයක්… ටිපර් රථය සහ ජාවාරම්කරුවන් 02ක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

යාපනයේ පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී අනවසරයෙන් වැලි පටවා ගෙන ගිය ටිපර් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙඩි තබා එම ටිපර් රථය සමග සැකකරුවන් දෙදෙනෙකු  අත් අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලීසිය වෙත ඊයේ (01) බාර දී තිබේ.

වැලි ජාවාරමේ නිරත පිරිසක් අනවසරයෙන් වැලි කපා ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට යන විට සැකකරුවන් දෙදෙනෙකු ටිපර් රථයකට වැලි පටවා ගෙන එම ස්ථානයෙන් යමින් සිට ඇත.  ඔවුන්ට නවතින ලෙස සංඥා කොට ඇතත් ටිපර් රථය නොනවත්වාම ධාවනය කර තිබේ.

මේ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ටිපර් රථයේ රෝද වලට වෙඩි තබා එය නතර කරගෙන සැකකරුවන්ව ටිපර් රථය සමහ අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version