යාපනයේ මැරයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ STF කණ්ඩායමක්…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ වැසියන් බිය කරමින් මේ දිනවල යාපනය පුරා ක්‍රියාත්මක මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීම සදහා යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත 1 දා සිට විශේෂ පොලිස් කණ්ඩායම් වලට අමතරව පොලිස් විශේෂ බලකායේ නිලධාරීන් පිරිසක්ද යොදවා තිබේ.

මෙම මැර කණ්ඩායම යතුරු පැදි වලින් පැමිණ යාපනයේ නිවෙස්වල සිටින වැසියන්ට පහර දීමටත් ඔවුන් සතු වාහන හා දේපල වලට හානි කිරීමටත් පටන් ගෙන ඇති අතර යාපනයේ කොකුවිල් හා කෝපායි යන පළාත්වල සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

එක් අයෙකුගේ අතක් වෙන්වන ලෙස මේ මැරයින් විසින් කපා දමා තිබූ අතර යාපනය ශීක්ෂණ රෝහලේදී සිදු කරණ ලද සැත්කමකින් පසුව එම අත යළි සාර්ථකව බද්ධ කොට ඇත.

යාපනයේ වැසියන්ට අයත් මෝටර් රථ වෑන් හා යතුරු පැදි වලට පහර දී ඔවුන් ඒවා විනාශ කොට ඇති අතර මෙම මැර කණ්ඩායමට අයත්ව සිටින්නේ දස දෙනෙකුට වඩා අඩු පිරිසක් බවට යාපනයේ කෝපායී පොලීසියට තොරතුරු ලැබී තිබේ.

මේ පිරිස අත් අඩංගුවට ගැනීම සදහා සීසීටීවී කැමරා වලින් ලබා ගත් දර්ශන වලට අනුව විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා සිටින අතර ඊට අමතරව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් හා සෝදීසි කිරීම් යාපනයේ පළාත් කීපයක් පුරා ආරම්භ කොට තිබේ.

Exit mobile version