යාපනයේ පොහොට්ටු සංවිධායක අගමැති නියෝගයෙන් ප්‍රතිමා සුද්ද කරයි

ප්‍රතිමාවල සියලුම පෝස්ටර් ගලවලා අලුතින් තීන්ත ආලේප කරලා...

දියසේන රතුගමගේ

යාපනය නගරයේ ඉදි කරණ ලද විවිධ ප්‍රතිමා වල  ඇලවූ පෝස්ටර් වහාම ඉවත් කොට එම ප්‍රතිමා අලංකාර කරණ ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යාපනයේ පොදුජන පෙරමුණේ සංවිධායකවරයාට නියෝග කොට තිබේ.

ඒ අනුව යාපනයේ පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අලවා තිබූ මහා කවි භාරතීගේ ප්‍රතිමාව අලංකාර කොට අලුතින් තීන්ත ආලේප කොට ඇති අතර පෝස්ටර් අලවන ලද අනෙක් සියලුම ප්‍රතිමාද ඒ ආකාරයටම අලංකාර කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ දේශපාලනඥයින්ගෙන් වැඩිම පෝස්ටර් ප්‍රමාණයක් අලවා තිබුණේ පොදුජන පෙරමුණේ කණ්ඩායමක් විසින් වන අතර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කරණ ලද නියෝගයට අනුව එම පාක්ෂිකයින් විසින්  අනෙක් අය  විසින් ප්‍රතිමා වල අලවන ලද පෝස්ටර්ද ඉවත්කොට ප්‍රතිමා අලංකාර කොට තිබේ.

Exit mobile version