යාපනයේ දී ඉන්ධන බව්සරයකට පහර දීලා… සැකරුවන් 02ක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයට ඉන්ධන රැගෙන එන ලද බව්සරයකට හා එහි රියදුරුටත් රිය සහයකයාටත්  පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු චුන්නාකම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයට ඉන්ධන ලබා දීම ප්‍රමාද කළ බවට චෝදනා කරමින් ඊයේ (23)  මෙම පහර දීම සිදු කොට ඇත.   එම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දෙදෙනා එකම පවුලක  වයස අවුරුදු 26 හා 28 බැගින් වූ සහෝදරයින් දෙදෙනෙකු බව චුන්නාක්ම් පොලීසිය ප්‍රකාශ කළේය.

ඔවුන් දෙදෙනා එම අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති අතර පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් දෙදෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.


Exit mobile version