යාපනයේ තල්මස් මරණයට හේතුව එක්ස්ප්‍රස් පර්ල් ද? – කොළඹින් නිලධාරීන් යාපනයට…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ කයිට්ස් සුරුවිල් මුහුදු වෙරළට ගොඩ ගැසූ තල්මසා මියගොස් ඇත්තේ කොළඹ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන්දැයි සොයා බැලීම සදහා නිලධාරීන් දෙදෙනෙකු 15 දා සවස කොළඹ සිය යාපනයට පැමිණ සිටියහ.

ධීවරයින් විසින් මේ ගොඩ ගැසූ තල්මසා පිළිබදව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයට තොරතුරු දැණුම් දීමෙන් පසු එම නිලධාරීන්ද පොලීසියද නාවික හමුදාවද මියගිය තල්මසාගේ සිරුර පරීක්ෂා කොට බලා තිබේ.

එම නිලධාරීන්ට ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි නිසා ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට කොළඹින් නිලධාරීන් දෙදෙනෙකු යාපනයට පැමිණ ඇත.

Exit mobile version