දිනසේන රතුගමගේ –
යාපනයේ තරුණියක් ලන්ඩනයේ හැරෝ ප්‍රදේශයේ නිවසකදී 7 දා රාත්‍රී අභිරහස් ලෙස මියගොස් තිබේ.
ශ්‍රී ස්කන්ධරාජා මධුෂා නැමති දහ නව හැවිරිදි මෙම තරුණිය මේ වන විට යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීම සදහා සුදුසුකම් ලබා ඇති තරුණියකි.
ඇය උසස් පෙළ විභාගයෙන් පසුව ලන්ඩනයේ ඥාතී නිවසක් වෙත ගොස් එහි සිටියදී හදිසියේම මියගොස් තිබේ.
නිවසේ උදවිය ලන්ඩනයේ හැරෝ පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ ඇය නිවසේ සාලය මැද එක්වරම ඇද වැටුණු බවත් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවත්ය.
ලන්ඩන් හැරෝ පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.