යාපනයේ කර්කුකායි ගුරුඩා ගුහාවල අද්භූත සිදුවීම් වෙනවා… උතුරු පලාත් සභාවේ හිටපු සභාපති…

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩමරච්චි වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පිහිටි අප්‍රසිද්ධ හා මෙතෙක් තහවුරු කරගෙන නොමැති ගුහා ප්‍රදේශය පුරාවිද්‍යාව විසින් හදුනාගෙන  එම භූමියට ආරක්ෂාව යොදන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥානම්  ඉල්ලා සිටියි.

යාපනයේ ජනතාව මෙම ස්ථානය  කර්කුකායි ගුරුඩා” (කර්කුකායි නැමති ගුහාව )ලෙස හඳුන්වන අතර මේ ස්ථානයේ බොහෝ අද්භූත සිදුවීම් සිදුවන බවටද  විවිධ ජනප්‍රවාද පැතිරෙමින් පවතින බවද සිවඥානම්  සඳහන් කරයි.

ඔහු පවසන්නේ අනාදිමත් කාලයක සිට මේ ගුහා ප්‍රදේශය පෙම්වතුන් විසින් හදුනාගෙන එම ගුහා තුළ නොමනා ක්‍රියා සිදු කරණ නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානය කෙරෙහි සැලකිල්ලක් දක්වා නොමැති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් කිසිදු අයෙකු මේ ස්ථානය ගැන නොදන්නා  නිසා එය ප්‍රසිද්ධියට පත් කළ යුතුව ඇති බව පවසන උතුරු පළාත් සභාවේ හිටපු සභාපතිවරයා පුරා විද්‍යා නිලධාරීන් දෙමළ ජනතාවට අයත් ඉඩම්වල කැණීම් කටයුතු කිරීමට දක්වන උනන්දුවට වඩා වැඩි උනන්දුවක් මෙවැනි ස්ථාන සොයා තහවුරු කිරීමටත් ප්‍රසිද්ධ කිරීමටත් දැක්විය යුතු බව ද කියා සිටියේය.

 

Exit mobile version