යළි ජනාධිපතිවරණයට තරග කරන්න… ගාල්ලෙන් මෛත්‍රීට යෝජනාවක්…

sirisena

ලලිත් චාමින්ද-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.ප ආසන කළමණාකරුවන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක් ඉල්ලිමක් කොට ඇත.

ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි.ල.නි.ප සමුළුවේ දි මෙකි ඉල්ලිම ඉදිරිපත්කොට ඇත. ග්‍රාමිය ජනතාවගේ කැමැත්ත හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට බවත් හිටපු ජනාධිපතිවරයා කළ සේවය ගැන දැන් කොයිකවුරුත් කථා කරන බවත් එම නිසා ජනාධිපතිවරණය සඳහා නැවත වතාවක් ඉදිරිපත්වන ලෙසත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ඉල්ලිමක් කොට ඇත.

මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකොට නැත. නමුත් තමන්ගේ ප්‍රතිපත්ති වලට ලෝකයේ රාජ්‍ය නායකයින් ගරුකළ බව ඔහු විසින් ප්‍රකාශකොට ඇත.

මේ අතර මහින්ද අමරවිර, දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර යන ඇමතිවරුන් සඳහන් කොට ඇත්තේ තමන් ඕනැම අවස්ථාවට ආණ්ඩුවෙන් ඉවත්විමට හෝ ඇමතිධුර අත්හැරිමට සුදානම් බවය.

පක්ෂය සංවිධානය කිරිම හා ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යායුතු බවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට ආණ්ඩුවේ සිටිම බාධාවක් නොවන බවත් මෙහිදි දුමින්ද දිසානායක රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශකොට ඇත.

Exit mobile version