යළිත් හොඳටම බාල්දුයි… ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ මිල 200 පනී.

කීර්ති ප්‍රනාන්දු –

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද රුපියලේ අගය රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇතැයි මහ බැංකු දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතවල සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩෙලාරයේ අද විකිණුම් අගය රුපියල් 200.06කි. ගැනුම් අගය රුපියල් 198.25කි.

මීට පෙර අවස්ථාවක් ලෙස ඉකුත් 2020 වසරේ අප්‍රේල් මස 08 වැනි දින මෙරට ඉතිහාසයේ මුල්ම වරට අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 200 සීමාව ඉක්මවා ගියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව 2021 වසරේ ජනවාරි මස 01 සිට  ඉකුත් 12 දා දක්වා කාලය තුළ අමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2කින් අවප්‍රමාණ වී ඇත.

Exit mobile version