මොයින් අලිට කොවිඩ් පොසිටිව්… පළමු ආශ්‍රිත ක්‍රිස් වෝරක්ස් නිරෝධායනයේ…

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ

ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩක මොයින් අලිට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ බව තහවුරු වන්නේ ඔහු ලංකාවට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණයකිනි.

මේ වනවිට මොයින් අලි දින 10ක ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර  ඔහු සමග සමීප ඇසුරක් පැවැත් වූ ක්‍රිිස් වෝර්ක්ස් දින 07ක් නිරෝධායනයට ලක් කර වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

මේ තත්වය තුළ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් හා නිලධාරීන් අද දෙවන පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණෙන එංගලන්ත කණ්ඩායම හෙට (06) සිය පළමු පුහුණු තරගය ආරම්භ කිරීමට සූදානම් වී සිටියේය.

Exit mobile version