මොඩානා එන්නත ගැන බොරු කියන නුවර සමාජ මාධ්‍ය ගිනුම් හිමියන්ට වැඩ වරදී…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල මහනුවර ජනතාවට ලබා දෙන මොඩානා එන්නත පිළිබඳව සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රචාර කරන බවට මහනුවර මහා රෝහලේ නීති වෛද්‍යවරයා විසින් මහනුවර පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ෆේස් බුක්, වටස්ඇප්, මැසෙන්ජර් ඇතුළු සමාජ මාධ්‍ය  හරහා   මොඩානා එන්නත පිළිබඳව මේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් ඇති බව නීති වෛද්‍ය නිලධාරියා තම පැමිණිල්ලේ සටහන් කර තිබේ. මෙවැනි අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන සමාජ මාධ්‍යය පිළිබඳව විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.  මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් විමර්ශන මෙහෙයවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මහජනතාව තුළ මොඩානා එන්නත පිළිබඳව අවිශ්වාසයක්, සැකයක් ඇතිවන අයුරිනි සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන අසත්‍ය ප්‍රචාර නිසා එන්නතකරණය බිඳ වැටීමට ඉඩ ඇති බවට සැක පල කරන බවද මහනුවර සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Exit mobile version