මොඩර්නා (Moderna) කොවිඩ් එන්නත් ලක්ෂ 15ක් මෙරටට ………

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් වන “මොඩර්නා” එන්නත් ලක්ෂ 15ක් අද(16)  උදේ මෙරටට ගෙන එනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ප්‍රදානය කර ඇත.

මෙය කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නතකි.

මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
Modarna
ඇතැම් නව කොවිඩ් වෛරස ප්‍රභේද සඳහා ද මෙය සාර්ථකව ක්‍රියා කරන බව එම පර්යේෂණවලින් සනාථ වීම විශේශත්වයකි.

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මොඩර්නා එන්නත් සමාගම මගින් ස්පාඤ්ඤයේ නිෂ්පාදනාගාරයකදී මෙම එන්නත නිපදවයි.

කොවිඩ්‍ 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට ඇත.

ඇමෙරිකානු තානාපතිනිය (Alaina Teplitz) විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙම එන්නත් තොගය භාරදීම සිදුකෙරුණු අතර එම අවස්ථාවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, ඇතුළු පිරිසක් එක් වූහ.

Exit mobile version