මෛත්‍රීපාල දෙබිඩ්ඩෙක්…   රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ අස්ගිරි අනු නා හිමිට කියයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙබිඩ්ඩෙක් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ  ඊයේ  (20) පස්වරුවේ මහනුවර ඓතිහාසික ආදාහන මළුව විහාරස්ථානයට ගොස් අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි නාහිමි බැහැ දැක ප්‍රකාශ කළේය.

එහිදී රාජ්‍ය  අමතිවරයා ප්‍රකාශ කළේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදි කිරීමට යෝජිත ඇවිදින මංතීරුව ඉදිකිරීම  වැව සංරක්ෂණය කිරීමක් බව  හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන  තමන් සමඟ දුරකතනයෙන් කතාකරමින්  ප්‍රකාශ කළ බවය.

හිටපු ජනපතිවරයා තමන් සමඟ මේ කටයුත්ත අගය කිරමින් කතා කර    විරෝධතාව දක්වන ජනතාව අතරට ගොස් ඔවුන්ට  පක්ෂව කතා   කිරීම බරපතල ගැටලුවක් බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.


තවදුරටත් අදහස් දැක්වූ  අමාත්‍ය රොෂාන් රණසිංහ කීවේ  ඇවිදින මංතීරුව ඉදි කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන විරෝධතාව පසුපස තිබෙන්නේ දේශපාලනින ගැටලුවක් බවය.

“මේ මඟින් වැවට ආරක්ෂාවක් මිස කිසිදු හානියක් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුළු සියලු ආයතන සහතික කර තිබෙනවා.

“මෙය හිතුවක්කාරී ලෙස ඉදිකිරීමේ කිසිදු වුවමනාවක් නෑ.  සාකච්ඡා මගින් සැළසුමට සංශෝධන ඉදිරිපත් කිරීමට අවකාශ තිබෙනවා. “

“ සංවර්ධන සංරක්ෂණ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න උත්සාහ කරන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධව ජාතිවාදී ගැටුලුවක් ඇති කරන්න කටයුතු කරපු අය.“ ඔහු වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව මාධ්‍ය හමුවක් තබා  ප්‍රකාශ කළේ රෝෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පොලොන්නරුවේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නොවූ ඇවිදින මං තීරුවක් වෙනුවෙන් සංඝ භේදය කර ආනන්තරී පාපකර්මයක් සිදු කරගන්නා බවය.

Exit mobile version