මේ සංචරණ සීමා නම් වැඩක් නෑ… පී.එච්.අයි මහත්වරු කියති…

PHI

කිර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකාය ඇතුළු පාර්ශයවන් විසින් රජයේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති පළාත් අතර දැඩි සංචරණ සීමා රට තුළ මේ වනවිට ඉතා බරපතල ලෙස පැතිරී ඇති කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ප්‍රායෝගික සහයක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ටී.යූ.ටී. කුලතිලක පැවසීය.

කොවිඩ් වෛරසය හේතුවෙන් මිනිස් ජීවිත විශාල වශයෙන් විනාශ වෙමින් පවතින තත්වයක් තුළ රෝහල් ධාරිතාව ඉක්මවා යන තත්වයක් තුළ සති තුනක් රට වසා තැබීම මිස සංචරණ සීමා පැනවීම වැනි තීන්දු ඵලදායී ප්‍රතිඵලයක් ගෙන නොදෙන බව සංගමයක් ලෙස ප්‍රකාශ කරන්නේ යැයි ඔහු කීය.

තමන් මේ යෝජනාව ගෙන ආවේ රටේ ආර්ථිකය බිඳ දමන්නට නොව, ඉදිරි දෙසතිය තුළ සිදුවිය හැකි මරණ වළක්වා සුවපත් පරිසරයක් යටතේ අනාගත ආර්ථික පදනමක් නිර්මාණය කරගත හැකි බවට වූ විශ්වාසයත් සමග බව උප සභාපතිවරයා කීවේය.

Exit mobile version