සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසරේ  ගෙවන්න ඇති රාජ්‍ය ණය ප්‍රමාණය ට්‍රිලියන 28.56 යි… ණයේ තරම තේරුම් ගන්න පොඩි කතාවක් මෙන්න!

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගෙවිමට ඇති රාජ්‍ය ණය  ප්‍රමාණය මෙම වර්ෂයේ (2024)  ජුනි මස අවසන් වනවිට රුපියල් බිලියන 28,563.4 එනම් ට්‍රිලියන (28.56)ක් දක්වා වැඩිවි ඇති බැව්  පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති  පූර්ව  මැතිවරණ අයවැය  තත්ත්වය පිළිබද වාර්තාවේ සඳහන් වේ.

ඉකුත්  වර්ෂයේ (2023) මෙම කාලසිමාව තුළ ගෙවිමට තිබුණ රාජ්‍ය ණය ප්‍රමාණය  රුපියල් බිලියන 26,916.2කි. (එනම් ට්‍රිලියන 26.92) කි.  ඒ අනුව  ඉකුත් වර්ෂයේ (2023)  මුල්මාස හයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස හය තුළ ගෙවිමට ඇති  රාජ්‍ය ණය ප්‍රමාණය  සියයට 6.1කින් වැඩිවි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ. 

මෙම වර්ෂයේ ජුනි මස අවසන්වනවිට  ගෙවිමට ඇති  දේශිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,555.21කි. ( දළ වශයෙන් ට්‍රිලියන 17.56කි.).

මින් භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 3,883.09ක  ( දළ වශයෙන් ට්‍රිලියන 3.9ක්)  මුදලක් සහ  භාණ්ඩාගාර බැදුම්කර මගින් රුපියල් බිලියන 12,767.06ක මුදලක් ( දළ වශයෙන්  ට්‍රිලියන 12. 77ක්) ලබාගෙන තිබුණි. 

ගෙවිමට ඇති විදේශය ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,008.23 කි. දළ වශයෙන් ට්‍රිලියන 11කි. 

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ට්‍රිලියනයක් යනු කුමක් ද?

මිලියනයක් යනු ලක්ෂ 10 කි. එවැනි මිලියන 1000 ක් බිලියනයකි. බිලියන 1000 ක් ට්‍රිලියන 1 කි. ට්‍රිලියන 1ක් යනු ලක්ෂ  1,000,000,000,000කි. එනම් රුපියල් කෝටියේ එව්වා ලක්ෂයකි.  ඒ අනුව දල වශයෙන් ගෙවීමට ඇති මුලු ණය කෝටියේ එව්වා  විසි අට ලක්ෂ පනස් දහසකි. 

මුහුණු පොතේ තිබුණු සරල තේරුම් ගත හැකි විග්‍රහය

මේ ණය සම්බන්ධව හුදී ජන අවබෝධය සඳහා මුහුණු පොතේ මෙවැනි අපූරු පැහැදිලි කිරීමක්  තිබිණි.  ඒ පැහැදිලි කිරීම කර තිබෙන්නේ පන්දේහේ කොල එක උඩ එක තිබ්බට පස්සේ එන උසෙනි.   මුල් හිමිකරුට ගෞරවය දෙමින් එය උපුටා දක්වමු. 

  • බියගම ෆැක්ටරියෙන් අච්චු ගහන ලක්ෂ දහයක් ඒ කියන්නේ මිලියන 01ක් පන්දාහේ කොල වලින් උස ගත්තොත් සෙන්ටි මීටර 2යි. ඒ කියන්නෙ 2cm උසයි.

අපි බලමු පන්දාහෙ කොල අරන් එක උඩ එක තිබ්බොත්  ට්‍රිලියන 28.5ක් කොච්චර උසද කියලා

  • මිලියන 1ක්  =  සෙන්ටිමීටර 2ක් උසයි. 
  • මිලියන 10ක්,  ඒ කියන්නේ රුපියල් කෝටියක්  = සෙන්ටි මීටර් 20ක් උසයි. 
  • බිලියන 1ක් කියන්නේ මිලියන 1000ක්. එතකොට බිලියනයක් පන්දාහේ කොළවලින් එක උඩ එක තියලා මිටියක් බැන්දොත් සෙන්ටි මීටර 2000ක් ඒ කියන්නේ මීටර 2ක් උසයි.
  • ට්‍රිලියන 1ක් කියන්නේ බිලියන 1000ක්. ඒ කියන්නේ කොල මිටියේ උස සෙන්ටි මීටර ලක්ෂ 20ක් වෙනවා. හරියටම  කිව්වොත් කිලෝ මීටර 20ක්.

ඔය 20km කියන්නේ එක ට්‍රිලියනයක් පන්දාහේ කොළ එක උඩ එක තිබ්බොත් උස.  ඕක වැඩි කරන්න ඕන් 28.5න්.  මොකද අපි ට්‍රිලියන 28.5ක් දළ වශයෙන් ණයයි. 

  • 20 X 28.5 = ඒ කියන්නෙ කිලෝ මීටර 570ක්. දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරු තුඩුවට දුර කිලෝ මීටර 525 යි.  එතකොට අපේ රටේ මුලු ණය දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුවටත් පන්නලා තව කිලෝ මීටර 45ක්  මුහුදට  යනවා. ඉන්දියාව ලඟටම.
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන්නි දිස්ත්‍රික් හිටපු ඊපීඩීපී මන්ත්‍රී මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට…

Next Post

ඉන්දියාවට ග්‍රිඩ් එක අරින්නේ පුනර්ජනනී බලශක්තිය නිපදවලා අතිරික්තය අපනයනය කරන්න…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.