මේ මොන සාපයක් ද?. අපි ආත්ම ගෞරවයක් නැති හිඟන්නො වෙලා… කාදිනල් හිමියෝ කියති.

• අපි පත් කරගත්තෙ රටේ සම්පත් විකුණන නගර සංවර්ධන අධිකාරියක් නොවෙයි…‍ දේශපාලනය කරන්න පුලුවන් කියලා හිතන නායකයෙක්

• ඔහු මෙහෙම වැඩ කරනවා නම් අපට ඔහුව විශ්වාස කරන්න බෑ… ඔබෙන් ඉල්ලා සිටින්නෙ, කරුණා කරලා මේ ගමන නවත්වන්න….

• සියලු ආගමික නායකනගෙන් ඉල්ලා සිටින්නේ නොමගට යන රට හරි මගට ගන්න අපි එකතුවෙමු…


දියුණුව යනු සියලුම සම්පත් විකුණා දැමීම නොවන බවත්, රටේ ආත්ම ගෞරවය වනසා හිඟන්නන් බවට පත්කරන මේ ගමන දැන් නවත්වන ලෙස පුරවැසියන් වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 02)  මාධ්‍ය  අමතමිනි.

දැන් මේ රටේ සිටින පාලකයන් සමබන්ධව තමන්ට ඇති විශ්වාසය කුඩු පට්ටම් වී ඇති බව පැවසූ උන්වහන්සේ මේ රට මේ මොහොත වනවිට පාලනය කරන්නේ කවරෙක්දැයි ගැටලුවක් බව කීහ.
උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

කාරණා කීපයක් නිසා අපි කණගාටු වෙනවා අද රටේ තියන තත්වය පිළිබදව නැව පිළිබද ප්‍රශන්ය පමණක් නොවෙයි. මේ රටේ පාලනයක් තියනව ද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් දැන් අපට තියනවා.

ශ්‍රී ලංකාව භූ සිතියමේ ඉතාම වැදගත් කේන්ද්‍රීය ස්ථානයක පවතින රටක්. මේ රට ආරක්ෂා කරනවා කියල බලය ගත්ත කණ්ඩායම මේ රට විනාශ කරනවා කියලා ප්‍රකාශ කරන්න සිදුවීම ඇත්තටම වේදනාකාරී අත්දැකීමක්. අපේ හිත්වල තිබුණු බලාපොරොත්තු සුණු විසුණු වී ගිහින්.

මේ ගමන නවත්වන්න…

මේ රට කොහෙට ද යන්නෙ. කවුද මේ රට පාලනය කරන්නෙ. කවුද මේකෙ තීරණ ගන්නෙ කියන එක සම්බන්ධව ඉතාම අවිනිශ්චිත තත්වයක් ඇතිවෙමින් පවතිනවා.
ඒ නිසා අපි ඇත්තටම මේ රටේ පුරවැසියන් හැටියට ඒ අය වෙනුවෙන් අපට කියන්න තියෙන්නෙ කරුණාකරලා මේ ගමන මේ විදහට යන එක නවත්වන්න.


දියුණුව කියලා කියන්නෙ තියන සම්පත් සියල්ල විකුණා දැමීම නොවෙයි. එය පහසු වෙන්න පුලුවන්. නමුත් අපට ආත්ම ගෞරවය කියලා එකක් තියනවා. රටක් හැටියට ආත්ම විශ්වාසයක් තියනවා. එය ආරක්ෂා කරගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේම වගකීමක්

ඒ නිසා මේ වෙලාවෙ විවිධ රටවල්වලට අපේ භූමිය පූජා කරන්න එපා. ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න. මෙතන සිදුවෙන්නෙ හැම දෙයක්ම විකුණා දැමීම. එය රටේ ගෞරවටය විරුද්ධයි.

කලින් එම්.සී.සී.ගිවිසුම ගැන විරෝධය පලකළ අවස්ථාවේ ඊට ලොකුවට අප එක්ක බැඳුණු දේශපාලකයො ඒ තත්වයේම දෙයක් ඊට වඩා දරුණු විදිහට කරමින් සිටිනවා.

පාස්කු ප්‍රහාරය

ඒ නිසා අපි ඇත්තටම ඒ ගැන දුක් වෙනවා. පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දි මේ රටේ ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව හිටපු නිතිපතිතුමා ප්‍රකාශ කර තිබුණා.
ඒ කුමන්ත්‍රණය කුමක් ද කියලා එතුමා සොයන්න ඕන. එතුමාගේ තැන ගත්තු අලුත් නීතිපතිතුමා ඒක හොයන්න ඕන. මේ රටේ නීතිය ආරක්ෂා කිරීමට එතුමා බැඳිලා ඉන්නවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අත් අඩංගුවට ගත් ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන මට්ටමක තත්වයක් උදා කරලා තියනවා.

ඒක වුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාව නිකුත් වෙලා දවස් කීපයකින්. ඒ වෙනකොට ජනාධිපතිතුමා විසින් විශේෂ කොමිටියක් පත් කලා හය දෙනෙකුගෙන් සමන්විත. ඒ කමිටුව කළේ ඔබට තව නීතියක් අපට තව නීතියක් කියලා පෙන්වන්න. ඒ කොමිටිය පත් කළේ ක්‍රියාත්මක කරන්න ඕන මොනවද ඕන නැත්තේ මොනවද කියලා තෝරගන්න. එක රටක් එක නීතියක් නෙවෙයි. ඔබට එක නීතියක්. අපිට තව නීතියක්

මේ කොමිසමෙන් නිර්දේශ කරනකොට සමහර නිලධාරීන්ට දඬුවම් කරන්න කියලා ඒ අයව ආරක්ෂා කරනවා. හිටපු ජනාධිපති තුමා හිටපු බුද්ධි අංශ නිලධාරීන් සියලු දෙනාට නීතියෙන් කටයුතු කරන්න කිව්වට කිසි දෙයක් නෑ.

රට පාලනය කරන්නෙ ඩීල්වලින් ද?

ආණ්ඩුව මාධ්‍ය සන්දර්ශන පවත්වනව. අයෙක් අ?ත්අඩංගුවට ගන්නවා නැවත නිදහස් කරනවා. 20 වැනි සංශොධනයේ දී මුස්ලිම් චන්ද ලබා ගැනිම සඳහා කරපු විජ්ජාව අපි දැක්කා. එක් ඩීල් එකක්.

මේහෙම ද රට පාලනය කරන්නෙ. දැහැමි ප්‍රතිපත්ති ගරුක විනිවිද පේන පරිපාලන ක්‍රමයක්ද මේ ගෙනත් තියෙන්නෙ. මේ දූෂිත ක්‍රමවේදය අන්ත තත්වයෙන් අපව බිලි ගන්නවා. අප කල්පනා කරනවා ගොඩක් වෙලාවට ඇයි අපි චන්දෙ දාන්නෙ, ඇයි අපි 225ක් පාර්ලිමේන්තුවට පත්කරගන්නෙ කියලා.

මේ වගේ දේවල්වලට රට පත් කරන්න ද අපි ඡන්දෙ දුන්නෙ. එහෙනම් මේ රටට ඡන්ද ක්‍රමයක් අවශ්‍ය ද කියන එක දැන් ඇහෙනවා. මේ විදිහට පාලනය කරන්න ගියොත් කොතනින්ද මේක කෙළවර වෙන්නේ.

නඩු දාන්න. මම නායකත්ව දෙනවා.

දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරිආකාර පිළිතුරක් අපිට දීලා නෑ. මේ නැව එනකොට මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා . දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්කා පින්තූර නැව තුළින් යම් දුමාරයක් එනවා. ඒ වෙලාවේවත් මුකුත් කළේ නෑ. මේ නැව ගැඹුරු මුහුදට අරන් ගියෙ නෑ. මේ නැව ප්‍රතික්ෂේප කළේ නෑ. දැන් ඒකට හේතු කියන්න එනවා. දැන් අපට ආරංචි වෙන්නෙ මේ නැව ගිලෙමින් පවතිනවා කියලා.

මේ නැව ගිලුනොත් නැවේ තෙල් ටික කාන්දු වෙලා අපේ මුහුදයි ධීරව ජනවනතාවගේ රැකියාවයි සියල්ල නැති වෙනවා. අපට ඊට ඉඩ දෙන්න බෑ. දැන් අපි ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා කරුණාකරලා සියලු දෙනා එකතු වෙලා මේ කොම්පැණියට විරුද්ධව නඩු කියන්න. ඒ ගැන නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

සුරපුරවල් එපා… මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න..

මේ රටේ ජීවත්වෙන්නෙ ධර්මය අදහන මිනිස්සු. මේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ.

මේ රට බෞද්ධ ශිෂ්ඨාචාරයෙන් ශක්තිමත් වෙච්චි රටක්. මේ රට හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ආගම් අදහන මිනිස්සු ඉන්න රටක්. ඒ නිසා මේ රටේ ඒකාධිපතිවාදයකටවත්, බොරු ගේම් ගෙනියන්නවත් අපිට ඉඩදෙන්න බෑ. අපට ඕන විනිවිද පෙනෙන ජනතා හිතෛශී, ජනතාව පැත්තෙ ඉදලා තීරණ ගන්න නායකයො. ඒ නිසා අපට ඔය සුරපුරවල් වලින් වැඩක් නෑ. මිනිස්සුන්ට පොහොර නෑ… කන්න දෙයක් නෑ… රැකියා නෑ… විදේශීය රටවලින් කොවිඩ්වලට විරුද්ධව එන්නතක් ගෙන්නගන්න සල්ලි නෑ. අපි හිඟා කන මට්ටමට වැටිලා. මේක සාපයක් දකියලා මට හිතෙනවා සමහර වෙලාවට. මේ පාලකයන්ගෙ කටයුතු ගැන සොබාවධර්මයත් උරණ වෙලා ද කියලා හිතෙනවා.

රට භාර දුන්නෙ නරග සංවර්ධන අධිකාරයකට නෙමෙයි…

ඒ නිසා කරුණාකරලා ගමන යන්න එපා. අපි නගර සංවර්ධන අධිකාරියට ලංකාව බාර දුන්නෙ නෑ. ලංකාව ඉඩම් විකුණන්න පුලුවන්, සම්පත් සේරම විකුණන්න පුලුවන් නගර සංවර්ධන අධිකාරියක් නොවෙයි අපි චන්දෙන් තෝරගත්තෙ. අපි තෝරගත්තේ දේශපාලනය කරන්න පුලුවන් නායකයෙක්. ඒ නායකයා මෙහෙම වැඩ කරනවා නම් අපිට ඒ නායකයව විශ්වාස කරන්න බෑ.

ඒ නිසා මේ අවස්ථාවෙදි මම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් රජයෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ගමන නතර කරන්න. අපේ රටට, අපේ ආගම්වලට, අපේ සංස්කෘතියට හිතවත් පරිසය ආරක්ෂා කරන, තාක්ෂණික දියුණුව නොලැබුණත් සෑම මනුස්සයෙකුටම නිවහනක් ඇතුලෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් රැකියාවක් කරනන් පුලුවන් රටක් හදලා දෙන්න.

හයපාලනය, සෞභාග්‍යයේ දැක්ම වගේ තේමාවලින් බලයට ආපු හැමෝම කළේ රට පාවා දීම තමයි. ඒ නිසා මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ මහජනතාවගෙන් මේකට එකඟ වෙන්න එපා. මේකට සහය දෙන්න එපා. ආණ්ඩුව කරන අයෙගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ගමන් මග වෙන්ස් කරලා හරි මාර්ගයේ යන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආගමික නායකත්වයෙන් මා ඉල්ලා සිටිනවා. කරුණාකරලා රට බේරගන්න ඉස්සරහට එන්න. සංස්කෘතික වශයෙන් ආර්ථික, ආගමික, ප්‍රතිපත්තිමය වශයෙන් රට නොමගට යනවා. ඒක වෙන්න දෙන්න එපා. අපි එකට එකතු වෙමු.


Exit mobile version