බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ බබා උක්කුං ඇති… ගහන්න බැරි උන්ව, බෝලයක් අල්ලගන්න බැරි උන්ව බබාල වගේ තොත්තු කරන් ඉඳලා කරගත්ත හරිය ගැන   රසල් කෙලින්ම කියයි!

by editor
ජූලි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලණ කන්ඩම්බි ශ්‍රි ලංකා ක්‍රීඩකයින් සම්බන්ධව යම් තීන්දුවක් ගැනීමට ගත්තු තීරණය ඉතා නිවැරදි බවත් දැන් බබා උක්කුං පාට් දමා බබාලාට මෙන් තොත්තු දිදි සිටි කාලය හොඳටම ප්‍රමාණවත් අන්තර්ජාතික ක්‍රිකට් විචාරක මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රසල් ආනල්ඩ් පවසයි.

“ බබා උක්කුං ඇති. එහෙම කරන්න ගිහින් තමයි අපි ද මේ තත්ත්වයෙ ඉන්නේ. මෙච්චරයි. උඹට ලකුණු කීයක් ගහන්න පුලුවන් ද?. බැයිනම් අපි වෙන කෙනෙක් බලන්නම්. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. අමාරුනම් කමක් නෑ. අපි අල්ලන්න පුලුවන් කෙනෙක් හොයා ගන්නම්.”

“දැන් මේක බලන් හිටියා ඇති. අවුරුදු ගණනක් එකම සිද්දිය වෙන්නේ. අලුත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව දීලා බලමු. ඒ අවස්ථා ඔවුන් කළමනාකරණය කරගන්න ආකාරය ගැන තක්සේරු කරමු. මොකද දැන් මැච් දිනනවා කියල ද?”  රසල් ආනල්ඩ් කීවේය.

ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තියුණු බිඳවැටීම ඉතා ලඟින් දකිමින් සිටින ලෝක සම්භාවනාවට පත් විචාරකයෙක් ලෙස   රසල් අනාල්ඩ් මේ අදහස් දැක්වීම සිදුකරන්නේ  Chilling With Russel යූ ටියුබ් චැනලයට එක් වෙමිනි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඔහු කියන කතාව දැනෙන සුළුය. හැඟීම්බරය. තර්කානුකූලය.  ඉන්දියානු කණ්ඩායම හා තරග කළ පසුගිය විස්සයි 20 තරග දෙක හා බැඳුන අතීත අත්දැකීම් ද සමග ඔහු සිය අදහස් දැක්වීම කළේය.

විස්සයි 20 තරගාවලියේ මුල් තරග දෙක පසුගිය සෙනසුරාදා (27) සහ ඉරිදා (28) දෙදින තුළ පැවැත්විනි. තරග දෙකින්ම  ශ්‍රි ලංකා කණ්ඩායම පරාදය.  මේ වනවිට තරගාවලි ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙනය.  ගෞරවය වෙනුවෙන් සටන් වදින අවසන් විස්සයි 20 තරගය අද ය.

රසල් ආනල්ඩ් කියන මේ කතාව, ඉදිරියේ දී දැඩි තින්දු ගන්නා බවට  තිළිණ කණ්ඩම්බි කී කතාව සාවධානව අසා සිටියහොත් අපට අත් වී ඇති ඉරණම කුමක්දැයි තේරුම් ගත හැකිය.

රසල් අනාල්ඩ් Chilling With Russel  සමග සාකච්ඡාවට එක් වෙමින් මෙසේද පැවසුවේය.

“පළවෙනි තරගයේ ඉන්දියාව දුන්න ඉලක්කය ලකුණු 213ක්.  ලකුණු 213ක් චේස් කරන එක අමාරු වැඩක්. ඒත්  සෙනසුරාදා අපි හොඳ තැනක හිටියා. ”

“අන්තිම ඕවර පහ හයට හැත්තෑවක් ගහනවා කියන්නේ විකට් නවයක් අතේ තියනකොට ඒ කන්ඩිෂන්ස්වල ඕන බැටින් ටීම් එකක් දහ පාරක් එලෙව්වොත් 9 පාරක් දිනනවා.  ඒකයි ඇත්ත.

“බැහැයි අපි විකට් 9ක් වැටුණා ලකුණු 30කට. බෝලේ එහෙම කැපුණෙත් නෑ. ඒ අවස්ථාවේ පිච් එක සවුත්තු වෙලා නෙමෙයි තිබුණේ. ”

“ඒ වගේම දෙවැනි මැච් එකේ දි අපි 180ක් 190ක් ගහන තත්ත්වයක තිබ්බේ. අන්තිම ඕවර 05ට 31යි කඩුළු 07යි. ”

“මම මේක තව පොඩ්ඩක් පස්සට ගෙනියන්නම්. ඊට කලින් අපි වර්ල්ඩ් කප් එකේ නෙදර්ලන්තය එක්ක ගැහුවා. නේපාලය එක්ක මැච් එක ගහන්න බැරි වුනා. ”

“බංගලාදේශය එක්ක 103යි විකට් 3යි 14 වැනි ඕවරේ. 123යි ගැහුවේ. ඔන්න එකම දේ… එකම වැඩේ වුනේ. ඊට කලින් සවුත් ඇෆ්‍රිකා එක්ක අපි 77යි. කන්ඩිෂන්ස් අමාරු වුනත් අපි 77යි ගැහුවේ. මීට වඩා දුර යන්න ඕන නෑ. ”

“මෙහෙම බලද්දි මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. පිරිමි කණ්ඩාමට    බෝඩ් එක පැත්තෙන් ගොඩක් පහසුකම් දීලා තියනවා. බෝඩ් එක පැත්තේන් එක එක විශේෂඥ පුහුණුකරුවන් ගෙනත් වැඩිපුර දේවල් කරන්න හදනවා. ඒත් මැද ඔය විදිහට දේවල් වෙනවා නම්  එ්ක ක්‍රීඩකයින්ගේ වගකීම. ”

“දැන් ඇහෙනවා එහෙට මෙහෙට බනින එක… ඒ අපේ හැටි. පාරෙ යන උන්ට බැනලා වැඩක් නෑ. ගැහුවේ උන් නෙමෙයි නේ.   අපේ ක්‍රීඩකයො වෙනස් වෙන එක එයාල ඇතුලෙන් වෙන්න ඕන. වෙන කෙනෙකුට ඒක කරලා දෙන්න බෑ. ”

“ඒ විදිහට බලනකොට හරිම කණගාටුයි අපේ ටීම් එක සෙල්ලම් කරන විදිහ බලනකොට‍”.

ඉන් අනතුරුව රසල් ඊට තමන්ට අනුව කළ යුතු කුමක් විය හැකිදැයි අපට කීවේය. ”

“ගහන් බැරිනම් මෙච්චරයි… අනම් මනම් කතා කරලා වැඩක් නෑ  දැන්. අවුරුදු ගාණක් තිස්සේ මේක වෙනවා. අපි ඔහේ වැනි වැනි ඉන්නවා. ”

“උඹට රන්ස් ගහන්න  පුලුවන් ද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන් ද?. බැරිනම් අයින් වෙයන්. අපි අල්ලන්න පුලුවන් කෙනෙක් දාන්නම්. මට මේ උදේ ඉඳන් රෑ වෙනකම් බෝලයක් අල්ලන්න උගන්න උගන්න ඉන්න බෑ. උඹට උවමනාව තියනව ද බෝලෙ අල්ලන්න. උඹට උවමනාව තියනව ද ලකුණු ටිකක් ගහන්න. ඔන්න සරල ප්‍රශන. ඔය ටික ආන්සර් කළා නම් හරි. ”

“මෙයා හොඳයි, අරය හොඳයි,  මෙයාට මැච් විස්සක් දෙන්න ඕන… මේ බබා උක්කුං කර කර ඉන්න ගිහින් තමයි අපි මේ තත්ත්වයෙ ඉන්නේ. මට හිතෙන්නේ එහෙමයි.”

“එක දෙයයි. ගහනවා නම් ගහන්න. නැතිනම් කමක් නෑ. අපි වෙන එක්කෙනෙක් දිහා බලන්නම්.  කන්ඩම්බිගෙ වචන අහද්දිත් එයා ඕකම තමයි කියන්න හදන්නේ.”

“වෙන වෙන ප්‍රශ්න තියෙන්න පුලුවන් වටපිටාවෙ. කවදද එව්වා නැත්තේ. ජීවිතේ හැමදාම අභියෝග තියනවා. ඒවා මැනේජ් කරන එක වෙන දෙයක්. නමුත් ග්‍රවුන්ඩ් එකේ ප්‍රෆෝම් කරන එක සම්බන්ධ තීන්දු ගන්න ඕන එතන.”

“බංගලාදේශ මැච් එකේ 100ට විකට් 3යි. 123ක් නෙමෙයි,  ඔයා හරි මම හරි ගියානම් පයින් ගහලා හරි 140ක් ගහනවා. එහෙම ගැහුවා නම් අපි සුපර් එයිට් එකේ. එච්චරයි ඒකේ වෙනස. ඉන් එහාට පාරෙ යන එකාට අරූට මූට බැනලා වැඩක් නෑ. උන් නෙමෙයි ගැහුවේ. වෙන කවුරුවත් නෙමෙයි ගැහුවේ. ඒකයි කේස් එක.”

“දෙවැනි මැච් එකේ දී අපි අන්තිම ඕවර පහ එද්දි ලකුණු 130යි. වැරදිලාවත් ගොං විදිහට ගැහුවත් අන්තිම ඕවර 5 ලකුණු 50 එන්න ඕන. ඒ කියන්නේ 180යි. හොඳට ගැහුවොත් 190යි. 200යි. ලකුණු 30ක් කියන්නේ බෝලයකට ලකුණයි. මොකක්ද අපි කතා කරන්නේ. ඉන් එහාට කතා කරන්න දෙයක් නෑ.”

“මගෙන් මේ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න තියෙන්නේ  මේ වගේ තත්ත්වයක මම ක්‍රීඩා කළා නම් ඕන ලකුණු ගාන 45ද 50 ද පයින් ගහලා හරි අරන් දෙනවා. ලොකු පාරවල් නෑ. හඳට ගැහිලි නෑ.”

“ඉතින් මට තේරෙන්නේ නැත්තේ ඊට වඩා පාරවල් ගහන්න පුලුවන් උන්ට මොකද 40ක් 50ක් ඇනලා දෙන්න බැරි කියලා. වැදගත් හඳට ගහන එක නෙමෙයි. ලකුණු. වැඩ කෑලි දාන එක නෙමෙයි.”

“ග්ලෙන් මැක්ග්‍රාත් එයා ගහන කාලේ චණ්ඩියා වෙලා හිටියෙ ලොකු දේවල් කරලා නෙමෙයි. එයා අනික් අයට වඩා බේසික් ටික හොඳටම කළා.”

“මම ආයෙත්  කියන්නේ මෙච්චරයි.  දැන් කරන්න ඕන එක දෙයයි.”

“ගහන්න ඕනද?. උඹට බෝලයක් අල්ලන්න පුලුවන්ද?. බෑ… එහෙමනම් අයින් වෙයන්. බබාලා වගේ තොත්තු කරකර හරියන්නේ නෑ දැන්.”

“ටීම් එක වෙනස් කරනවා නම් අලුත් ක්‍රීඩකයින් ගන්නවා නම් ඒකට යන්න.”

රසල් ආනල්ඩ් යෝජනා කළේය.   එම සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න එන ශිවාජිලිංගම් අත් අඩංගුවට නොගන්නැයි දෙමළ ජනතා සන්ධානයෙන් අධිකරණයට පෙත්සමක්!

Next Post

යළි බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.