මේ ආණ්ඩුවේ ඇමතිකම් එපා… හර්ෂ කියයි…

තමන්ට මෙම රජයේ අමාත්‍ය ධුරයක් හිමිවන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා තමන් කිසිදු ආකාරයකින් රජයේ පාර්ශ්ව සමඟ මේ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පත්වා නැති බව අවධාරණය කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් සඳහන් කරන්නේ තමන් දිගින් දිගටම මේ මොහොතේ සර්ව පාක්ෂික අන්තර්වාර රජයක් අවශ්‍ය බව අවධාරණය කරන බවයි.

එවැනි රජයකට පමණක් ගෝඨාභය රාජපක්ෂ විසින් අර්බුදයට ඇද දමන ලද මෙම රට  බේරාගත හැකි බවට තමන් තරයේ විශ්වාස කරන බවද ඔහු සදහන් කරයි.

අද පවතින අභියෝගතාත්මක තත්ත්ව හමුවේ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සඳහා එවැනි සර්ව පාක්ෂික රජයක් අත්‍යවශ්‍ය බව තමන්ගේ විශ්වාසය බවද ඔහු සිය ටිවිටර් පණිවිඩයේ සදහන් කර තිබේ.


එවැනි තත්ත්වයක් තුළ  මෙරට සියලුම දේශපාලන නායකයින් සියලුම ආකාරයේ දේශපාලනයෙන් වැලකී ඉදිරි මාස 9ත් 12ත් අතර කාලයකට   පොදු අවම වැඩසටහනක් වෙනුවෙන් කැපවිය යුතු බවද ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version