මෙරට වැඩිහිටියන්ගෙන් බාගයක්වත් බූස්ටර් අරගෙන නෑ

වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් මිලියන 2.7 සිටින අතර ඔවුන්ගෙන් බුස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 1.2ක පිරිසක් යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සදහන් කරයි.

කොවිඩ් වයිරසය ආසදනය වූවන්ගෙන් සියයට 70 – 75 අතර පිරිසක් මරණයට පත් වූයේ වයස අවුරුදු 60 ඉක්මවූවන් යැයිද ඔහු පෙන්වාදේ.

මේ වන විට කොවිඩ් රෝගීන් සදහා රාජ්‍ය හා පෞද්ගලික ඇදන් 15000ක් වෙන් කර ඇති අතර ඉන් සියයට 30ක ප්‍රතිශතයක රෝගීන් සිටින බවත් දැඩිසත්කාර එකක ඇදන් 70න් 52ක්ම මේ වන විට කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බව ද වෛද්‍ය අම්දානි මහතා සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට කොවිඩ් වැලදී ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 5ක් දෙනාට ඔක්සිජන් මත යැපීමට සිදුව ඇතැයි ද හෙතෙම අවදාරණය කරයි.

Exit mobile version