මෙරට රාජ්‍ය ව්‍යාපාරවල ගෙවුණු වසරේ පාඩුව බිලියන 152ක්

මෙරට රාජ්‍ය ව්‍යපාර 2019 වසර වනවිට රුපියල් බිලියන 152 ක් පාඩු ලබා ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

මෑතකදී නිකුත් කළ වාර්ෂික මහ බැංකු වාර්තාවෙන් මේ බව අනාවරණය වෙයි.

එම වාර්තාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සීපෙට්කෝ) සහ ශ්‍රී ලංකා ගුවන් සේවය යන රජයේ ආයතන වල සමස්ත අලාභය 93%කට අධික ය.


එහිදී ලංවිම සිය පාඩු පියවා ඇත්තේ බැංකු ණය මගිනි. එම ආයතනය තවමත් රු. බිලියන 122 ක ණය මුදලක් සීපෙට්කෝ සහ පුද්ගලික විදුලි උත්පාදන සමාගම් වෙත පියවීමට ඇත.

සීපෙට්කෝ සමාගම 2019 වසර වන විට ලැබූ පාඩුව රු. බිලියන 11.8 කි. ඉහත වාර්තාවට අනුව 2018 අවසන් වන විට රු. බිලියන 164 ක ණය සිපෙට්කෝ සමාගමට පවති.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2019 දී පමණක් රුපියල් බිලියන 44 ක පාඩු ලබා තිබේ. වසර අවසාන වන විට එහි සමුච්චිත ණය රුපියල්. බිලියන 699 කි. එම වාර්තාවට අනුව එම ආයතනය සීපෙට්කෝ වෙත ඇති ණය රුපියල් බිලියන 26.8 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාඩු ලැබූ අනෙකුත් රාජ්‍ය ව්‍යාපාර වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා සතොස, ලංකා සීනි සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි.

Exit mobile version