මුහුදේ තෙල් විසිරුම් වළක්වන කලාපීය ගිවිසුම්වල හිටියත් ආපදාවකට මුහුණ දෙන්න් උපකරණ නෑ… විගණනය කියයි…

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ කළාප කාර්යාල 14 ඇත්ත තත්වය විගණනයේ දී හෙළි වෙයි..

express-pearl-ship-oil-leak

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාව දකුණු ආසියානු කලාපය තුළ තෙල් රසායන ද්‍රව්‍ය විසිරිමකදි ක්‍රියාත්මකවන සැලැස්මේ පාර්ශව කරුවෙක් වුවත් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ස්ථාපිත කර ඇති ප්‍රාදේශිය කාර්යාල 14කින් එක් කාර්යාලයකවත් හදිසි තෙල්විසුරුම් කළමනාකරණය සදහා අවශ්‍ය උපකරණ කිසිවක් නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ප්‍රාදේශිය කාර්යාල 14 අතුරින් ගාල්ල ප්‍රාදේශිය කාර්යාලය සදහා පමණක් රසායනාගාර පහසුකම් පවතින අතර අනෙකුත් කිසිදු කාර්යාලයකට රසායනාගාර පහසුකම් නොමැති බව නිරික්ණෂණය වු බවද විගණනය මගින් අනාවරනය කොට ඇත.

ගාල්ල රසායනාගාරයේ වුවද සාගර ජලයේ දුෂණයට අදාලවන සියලු දුෂ්‍ය කාරකයන් පරික්ෂා කිරිමේ පහසුකම් නොතිබු බවද විගණන පරික්ෂණයේ දි අනාවරණය වි ඇත. මුලතිව් ප්‍රදේශිය කාර්යාලය සඳහා සේවකයින් නොමැති අතර පුත්තලම ප්‍රාදේශිය කාර්යාලය සඳහා එක් සේවකයෙකු පමණක් යොදවා ඇති බවද විගණනයේ දි නිරික්ෂණය වි ඇත.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් පළාත් 05ක වෙරළබඩ දිස්ත්‍රික්ක 14ක් ආවරණය පරදි මෙම ප්‍රාදේශිය කාර්යාල පිහිටුවා ඇත. දකුණු ආසියානු තෙල් රසායන ද්‍රව්‍ය විසිරිමකදි ක්‍රියාත්මක සැලැස්මක් සකස්කර තිබු අතර ශ්‍රි ලංකාවද මෙම සැලැස්මේ පාර්ශවකරුවකු වේ. එවැනි සැලැස්මක් පැවතියද දකුණු ආසියානු සහයෝගිතා පාරිසරික වැඩසටහනක් යටතේ එම කටයුතු සම්පුර්ණයෙන්ම සම්බන්ධීකරණ කර නොතිබුණි.

මේ නිසා දකුණු ආසියාතික කලාපය තුළ විශාල ප්‍රමාණයේ තෙල් විසිරිමකදි ක්‍රියාත්ම කළ යුතු ආකාරය පිළිබද ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති බව අනාවරණය වු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

Exit mobile version