මුහුදේ ගිනිගත් ඩයමන් නෞකාවේ අයෙක් අතුරුදන්

සංගමන්කන්ද මුහුදු තීරයට නාවික සැතපුම් 50 දූරින් යාත්‍රා කරමින් තිබූ ‘ඩයමන්ඩ්’ බොරතෙල් ප්‍රවාහනය නෞකාව අද උදෑසන ගිනිගැනීමෙන් කාර්‍ය මණ්ඩලයේ එක් අයකු අතුරුදන් වී තිබේ.

අනෙක් 21 දෙනා අමතර බෝට්ටුවල නැගී ගොස් දිවිගලවා ගැනීමට සමත් වී ඇත.

මෙසේ ගිනි ගෙන ඇත්තේ පැනමා රාජ්‍යයේ සිට ඉන්දියාවටත් යාත්‍රා කරමින් තිබූ නැවකි.


මෙම නැව ගිනිගන්නා අවස්ථාවේ බොරතෙල් මෙට්‍රික් ටොන්, 270000ක් එහි තිබී ඇත.

එහි කපිතාන්වරයා ඇතුළු පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ කල්මුණේ සහ පානම කඳවුරුවල යාත්‍රා එම ස්ථානවලට ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරිම සඳහා කල්මුණ රෝහල සූදානම් කර ඇත.

Exit mobile version