මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ පොලිස් වෙඩි පහරින් මිය ගිය සෝල්ටා හෙවත් අසිත හේමතිලක නැමත්තා අංගොඩ ලොක්කා විසින් ඉන්දියාවේ සිට මෙහෙයවන ලද ප්‍රධාන පෙළේ මිනිමැරුම් තුනක් ඇතුළු ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.
විශේෂයෙන්ම අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන ගිය රූපලාවණ්‍ය ශිල්පිනිය, පස් ව්‍යාපාරයේ යෙදුණු කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය සහ මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ව්‍යායාම කරමින් සිටියදී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම යන සිදුවීම් තුනේම වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ මොහු විසින් බව අනාවරණය වේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රත්ෂිත බන්ධනාගාරගත වී ඇප පිට පැමිණ සිටි ඔහු ඝාතන සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු වෙයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඊයේ රාත්‍රි ගිය අවස්ථාවේදී පොලිසියට අත් බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පොලිසිය එල්ල කළ වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂයට පත්විය. මේ වනවිට මෘත දේහය මුල්ලේරියාව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද දින එම මරණය සම්බන්ධ විමර්ශණ කටයුතු සිදුකිරීමට නියමිතය.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ විසූ පස් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලා ඇති මෙම අංගොඩ ලොක්කා ඔහු එය ලබා නොදුන් හේතුව මත සුමේධ නම් මෙම ව්‍යාපාරිකයා ගේ නිවසට එද්දී නිවස අසලදීම ඝාතනයේ කළේ ඔහුගේ රියදුරාද සමගිනි. 2019 අගොස්තු 25 වැනිදා මෙම සිදුවීම සිදුවිය.
2017 වසරේ අතුරුගිරිය රුක්මලේ නිවසකදී ඝාතනය ට ලක් වූ සඳුනි අබේරත්න නැමැති රූපලාවන්‍ය ශිල්පිනියට පපුව පසාරු වන දේ වෙඩි උණ්ඩ 14ක් එල්ල කොට ඝාතනය කර ඇත්තේද මෙම පුද්ගලයා බවට පොලසියට තොරතුරු ලැබී තිබුණි.
එසේ ම මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී උදෑසන ව්‍යායාම කරමින් සිටි ව්‍යාපාරිකයකු ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා පවතී.