මුලතිව් මුහුදට බලෙන් ඇතුළු වූ ඉන්දීය ධිවර මැරයෝ මුලතිව් ධීවරයින්ගේ ලක්ෂ 20 දැල් කපා යති… 

දිනසේන රතුගමගේ –

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුලතිවු මුහුදට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් ප්‍රදේශයේ ධීවරයින් සතු  රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා දැල් ආම්පන්න කපා දමා ඇති බවට  ධීවරයින් හතර දෙනෙක් මුලතිව් ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට ඊයේ (12) පැමිණිලි කොට තිබේ.

මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගොස් මසුන් මරමින් සිටියදී ඉන්දීය ටෝලර් යාත්‍රාවකින් පැමිණි ධීවරයින් පිරිසක් මේ අන්දමට දැල් කපා විනාශ කොට පලා ගිය බව මුලතිව් ධීවරයෝ ප්‍රකාශ කරයි.

කපා දැමූ දැල්වල කොටස්…

ඉන්දීය ධීවරයින් නිසා සිදුවන විවිධ පීඩාවන් මෙතෙක් බහුලව දක්නට ලැබුණේ යාපනයේ ධීවරයින්ට වූවත් මේ වන විට මුලතිව් ධීවරයින්ටත් ඉන්දීය ධිවරයින්ගේ විවිධ තර්ජනයන්ට මුහුණ පෑමට සිදුව ඇති බව එම පළාතේ ධීවරයෝ  ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට පෙන්වා දී තිබේ.


මේ සම්බන්ධයෙන් නාවික හමුදාව රජය හා ධීවර අමාත්‍යංශය සමග සාකච්ඡා කොට මුලතිව් ධීවරයින්ට යම් සහනයක් ලබා දී ඉන්දීය ධීවරයින් විසින් කපා දමන ලද දැල් සඳ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හා අලුත් දැල් ලබා ගැනීමට හැකි ක්‍රමයක් සලසා දෙන ලෙස ඔවුන් මුලතිව් ධීවර අධ්‍යක්ෂ කාර්යාලයෙන් ඉල්ලීමක්ද කොට තිබේ.

Exit mobile version