කීර්ති ප්‍රනාන්දු –
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවරසයෙන් ගොඩකිරීම සම්බන්ධයනේ කර ඇති පැමිණිලි රැසක් පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මධ්‍යම පරිසර අධිකාරියට, නාගරික සංවර්ධන අධිකාරියට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට මෙසේ පැමිණිලි ලැබී ඇතත් එම ආයතන ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගෙන නැති බව කාරක සභාව පවසයි.
එමෙන්ම මුතුරාජවෙල කලාපය අභය භූමියක් ලෙස 1006 අංක 947/13 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ ද එහි මායිම් ලකුණු කිරීමක් මේ වනතුරු සිදුකර නැති බව ද කාරක සභාවේ දී අනාවරණය වී ඇත.
එසේම සියලුම පාර්ශවයන්ගෙන් සමන්විත එකාබද්ධ කමිටුවක් එක් කර මුතුරාජවෙල අභය භූමිය සංරක්ෂණයට අවශ්‍ය කටයුතු කිරීමට ද කාරක සභාව තීරණය කර ඇත.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙක තුළ දී එම කමිටුව රැස් වී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට ද තීරණය කෙරිනි.