මුත්තුර්වලින් හමුවූ ආසාදිතයන් 14න් 12ක් පොලිස් නිලධාරීන්… මුත්තූර් පොලිසිය වසා දමයි..

ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි –

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් මුතුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වුණු කොවිඩ් 19 ආසාදිතයන් 14 දෙනාගෙන් 12 දෙනෙකුම මුතුර් පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් වීමත් සමග සෞඛ්‍ය උපදෙස් මත පොලිසිය වසා දැමූ බව ව  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගයියා ලදාහරන්  පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක  පැවසුවේ මුතුර් පොලිසිය වසා දැමුවද අවට පොලිසිවලින් නිලධාරින් ගෙන්වා මුතුර් පොලිසිය ඉදිරිපිට ඇති ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල තුළ තාවකාලිකව පොලිසිය ස්ථාපිත කළ බවයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පොලිසියේ සිටි නිලධාරින් 38 දෙනෙකු ත්‍රිකුණාමලයේ වෙනම ස්ථානයක රඳවා නිරෝධායනයට යොමුකළ බවත්  තවත් 23 දෙනෙකු නිරෝධායනය සඳහා අරලගංවිල පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.


 

Exit mobile version