කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ මීනගයා සීඝ්රගාමී දුම්රියේ වැසිකිළියක් තුළ අත්හැර ගිය බිළිඳාගේ මව්පියන්වන බණ්ඩාරවෙල කොස්ලන්ද පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණ අවිවාහක යුවලකි. සැකකාර තරුණයා දෙහිවල ප්රදේශයේ රැකියාවක නිරතවී සිට ඇත. ඔහු නිසා තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු තරුණයා ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්රදේශයේ නතර කරගැනීමට කටයුතු කර තිබේ.
තරුණියට දරුවා ලැබී ඇත්තේ පසුගිය මස 25 දාය. අනතුරුව ඔවුන් දෙදෙනා දරුවා මෙලෙස දුම්රිය වැසිකිලියක තබා පලා ගොස් ඇත.
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ප්රශ්නකිරීමේ දී එම මව ප්රකාශ කර තිබුණේ සිය දරුවා කවුරුන් විසින් හෝ ආරක්ෂාකාරීව රැගෙන ගොස් හදාගනු ඇතැයි යන විශ්වාසයෙන් දුම්රියේ තබා ආ බවය. පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි..
ඊයේ ( 10) රාත්රී 7ට පමණ මඩකලපුව බලා පිටත්වීමට සූදානම්කර තිබූ මීනගයා දුම්රියේ මගී වැසිකිලියක දමා ගොස් තිබූ මෙම බිළිඳාව දුම්රිය ආරක්ෂක අංශ සහ මගීන් විසින් සොයාගෙන තිබිණි.