“මීනගයා” දුම්රියෙන් හමුවූ පුංචි පුතා සුවයෙන්…

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් –

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ ‘මීනගයා’ රාත්‍රි තැපැල් දුම්රියේ වැසිකිළියක දමා ගොස්  තිබියදී මගීන් විසින් සොයා ගැනීමෙන් අනතුරුව  දුම්රිය ආරක්ෂක අංශ සහ පොලිසිය හරහා  බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට භාරදුන් බිලිඳා සුවයෙන් පසුවන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍යi සන්තුෂිත සේනාධිපති පවසයි.

දින 7 ක් වයසැති බවට සැකකරන බිළිඳාගේ ශරීරය කහපැහැ ගැන්වී තිබුණු බවත්, ඒ සඳහා ප්‍රතිකාර කරන බවත් හෙතෙම කීය.

රෝහල් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය බිළිඳා ගැන අවධානයෙන් පසුවන බවත්, බිළිඳා වෙනුවෙන් උපරිම ප්‍රතිකාර සිදුකරන බවත්  ඔහු කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින-


Exit mobile version