මීගමුව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳ සැකපිට බිරිය අත්අඩංගුවට…

women-jail-rights

ඉතා සැකකටයුතු ආකාරයට මිය ගිය මීගමුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මරණය සම්බන්ධව ඔහුගේ බිරිය සහ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පැවසුවේ ව්‍යාපාරිකයාගේ මරණය 2020 ඔක්තෝබර් 3 වන දින වාර්තා වූ බවය.

කෙසේ වෙතත් පසුව පොලිසියට මෙම මරණය පිළිබඳ ලද තොරතුරු අනුව මීගමුව පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළේය.


මරණය සම්බන්ධයෙන් සැකපිට ව්‍යාපාරිකයාගේ බිරිය සහ සමාගමේ සේවකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

මෙම පුද්ගලයන් දෙදෙනාම මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජුනි 30 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩි දුර පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ව්‍යාපාරිකයාගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Exit mobile version