මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු –
උසස්පෙළ විභාගයට පෙනී සිටිමින් සිටිය දී සිසුන් 5 දෙනෙක් පසුගිය සතිය තුළ කොඩිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම විභාග ශාලාවල ගුරුවරුන්, විභාග ශාලාධිපතිවරුන් ඇතුළු සිසු සිසුවියන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සතිය තුළ කලින් වාර්තා වූ දරුවන් 3දෙනෙකුට අමතරව ඊයේ දවල් ( 17) හා ඊයේ නිකුත් වූ පී.සී.ආර් වාර්තාවලට අනුව තවත් දරුවන් 2 වාර්තා වී තිබේ.
මිනුවන්ගොඩ කොවඩ් පොකුරට සම්බන්ධ ආශ්රිතයන්ලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් වී සිටි මෙම සිසු සිසුවියන් එම වර්තාව ලැබෙන්නට ඇති කාලය තුළ විභාගයට පෙනී සිට ඇති අතර ඔවුන් රොග ලක්ෂණ කිසිවක් පෙන්වා නොතිබුණු බව වාර්තා වේ.
මිනුවන්ගොඩ ඥානාවාස විද්‍යාලයේ එක් දරුවෙක්, ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ දරුවන් 02ක උඩුගම්පල ජාතික පාසලේ කරුවෙක් ලෙස දරුවන් 05 දෙනා විභාගය අතරතුර කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත. මෙම දරුවන් පස් දෙනා මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ නිරෝධායනය වෙමින් සිටිති.
කොවිඩ් ආසාදිත බව තහවුරු වනවිට සමහර සිසු දරුවන් විභාගයට පෙනී සිට අවසන්ව සිටි බවත්, ඔවුන්ගේ උත්තර පත්තර මුද්‍රා තබා යවා ඇති බවත් මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ දී ගැටලු සහගත තත්වයක් ඇති විය හැකිදැයි අ