මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන් ලංකාවේ කොතැන සිටියත් ගෙයින් එලියට බහින්න එපා…

රජය දැනුම් දෙයි ... පවුල්වල ආශ්‍රිතයන්ටත් ඒ නියෝගය වලංගුයි...

Brandix Minuwangoda

මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන සියලුම සේවක සේවිකාවන්  හා ඔවුන්ගේ පවුල්වල අය ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් සිය නිවෙස් වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී ඇත.

එමෙන්ම මේ වනවිට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යෑමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුම දෙනා සූදානම් විය යුතු බව රජය දැනුම් දී තිබේ.

මීට අදලා උපදෙස් අදාළ පවුල්වලට ලබා දෙනු ඇති බව රජය කියයි.


දැනට දිවුලපිටිය, වේයන්ගොඩ, මිනුවන්ගොඩ, ප්‍රදේශවල  පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සවස 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මේ වනවිට බ්‍රැන්ඩික්ස් කම්හලේ කොරෝනා ආසාදිත සේවිකාවක් නිසා  අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොලිස් බල ප්‍රදේශයේ ඉද්දපොල සහ කුඩාහරස්ගල ගම්මාන දෙක මුලින්ම වසා 28 දෙනකු නිවෙස් වලම නිරෝධයට ලක්කර පොලිස් ආරක්ෂාව දමා ඇත. එම කාන්තාව මඩකලපුව රෝහලේ කොරෝනා ප්‍රතිකාර අංශය වෙත යොමු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාවේ  සාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණියකට ද  කොරෝනා ආසාදිත වී ඇත. යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේ කොරෝනා ආසාදිත තරුණියගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

 

Exit mobile version