මිනිස් ජාවාරම් කළ බවට චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපති ගැන පරීක්ෂණ ඇරඹෙයි…

Human-Traffic

කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් කාන්තාවන් පිරිසක් විදේශ රට වලට රැගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කණ්ඩාම විසින් නගර සභාවේ උපසභාපති, සභාපතිවරයාගේ රියදුරු ඇතුළු පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

සභාපතිවරයා විසින් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ලබාගත් බව කියන විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් තොරතුරු අදාළ පරීක්ෂණ කණ්ඩායම විසින් ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ලබාගෙන ඇත.

කඩුගන්නාව පොලීසියට පසුගිය 07 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සභාපතිවරයා තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවූ බව ප්‍රකාශකර තිබිණි. ඒ සම්බන්ධයෙන්ද පොලීසිය මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


සභාපති ධූරයට පත්වීමෙන් පසු අමිල වේරගොඩ නැමැති අය ගිය විදේශ සංචාර සම්බන්ධ වාර්තාවක් කඩුගන්නාව ප්‍රදේශවාසියෙකු තොරතුරු පනත යටතේ නගර සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. සභාපතිරයා සම්බන්ධ වූ විදේශ ගමන් පෞද්ගලික සංචාර බව දක්වමින් ඒවා ලබාදීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබාදෙන බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් පවසයි.

Exit mobile version