මිනිස්සුන්ගේ අභිලාෂයන්ට ඇහුම්කන් දෙන්න… පාප් තුමෝ ලංකාවේ සියලු වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිර්ති ප්‍රනාන්දු – 

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරමින් ජනතාවගේ අභිලාෂයන්ට ඇහුම්කන් දෙන ලෙස බලධාරීන්ගෙන් තමන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වහන්සේ පැවසූහ.

මෙරට උද්ගවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

මෑත කාලීනව මෙරට පවතින අභියෝග සහ සමාජීය හා ආර්ථික ගැටලු හමුවේ තම හඬ අවදි කළ ශ්‍රී ලංකාවේ ජනතාවට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ට තමන් විශේෂයෙන්ම  අමතන බවද උන්වහන්සේ පැවසූහ.

එහිදී උන්වහන්සේ  ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදී සාමකාමී ප්‍රවේශයක් පවත්වාගෙන යන ලෙසට  සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී    ආගමික නායකයන් සමඟ  තමන්ද එක්වන බවත් සිහිපත් කළහ.


උන්වන්සේ එහිදී “මානව හිමිකම් සහ සිවිල් නිදහස පිළිබඳ පූර්ණ ගෞරවය සහතික කරමින් ජනතාවගේ අභිලාෂයන්ට ඇහුම්කන් දෙන ලෙස වගකීම ඇති සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.” යනුවෙන්ද වැඩිදුරටත් පැවසූහ.

Exit mobile version