මෑත කාලයේ වැඩිමවිදුලිය ඉල්ලුම ඊයේ වාර්තා වෙයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෑත කාලයේ වැඩිම විදුලි ඉල්ලුම ඊයේ (19) වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් පවසයි.
බලශක්ති උත්පාදනය සඳහා ගිගාවොට්පැය 49.35ක ශුද්ධ ජනනයක් වූ බව ද, අද අලුයම සැබෑ ඉල්ලුම වාර්තා වූ බව ද එහි සඳහන් ය. අද දින සඳහා බලශක්ති ඉල්ලුම ගිගාවොට්පැය 50 ඉක්මවනු ඇතැයි බලාපොරොත්තු වේ. ඉල්ලුමට සරිලන ලෙස විදුලි උත්පාදනය කිරීම සඳහා මෑතකදී හම්බන්තොට පිහිටුවන ලද ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන විදුලිජනක යන්ත්‍ර ඇතුළු සියලුම ලංවිම තාප බලාගාර ද භාවිතා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙලෙස අධික විදුලි ඉල්ලුමට හේතු වූ තිබෙන්නේ පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය බව බලශක්ති විශේඥයින් පෙන්වා දෙයි. ඊයේ දිනයේ රජයේ කාර්යාලය සේම සමහර පෞද්ගලික කාර්යාල ද වේලාසන වසා දැමීමට කටයුතු කරන ලදී. අද දිනයේ උණුසුම තවත් අධික වන බවට අනතුරු අඟවා තිබෙන නිසා විදුලි පංකා, වායු සමීකරණ භාවිතය තවත් වැඩිවිය හැකි නිසා විදුලි උත්පාදනය වැඩි කිරීම ද අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබේ.

Exit mobile version